අයර්ලන්තයට එරෙහි එක්දින තරඟ තුනකින් යුත් තරඟාවලියේ පළමු තරඟ දෙක ජයගත් එංගලන්තය තරගාවලිය 3- 0 ලෙස නිමා කරන්නට බලාපොරොත්තු වුවත් අයර්ලන්තයේ පෝල් ස්ට්‍රිලින්ග් (142) සහ ඇන්ඩි බෙල්බ්‍රිනී (113) ඒ සියලු බලාපොරොත්තු සුන් කර දැමූහ.පන්දු 128 දී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමඟ වාර්තා වූ ස්ට්‍රිල්න්ගේ ප්‍රවේගකාරී ලකුණු 142 මෙන්ම පන්දු 112 දී හතරේ පහර 12 ක් සමඟ වාර්තා වූ බෙල්බ්‍රිනීගේ වගකීම් සහගත ඉණිමත් අයර්ලන්ත ජයග්‍රහණයට වඩා වැදගත් වූයේ තෙවන කඩුල්ලට පන්දු ඕවර් 32.4 දී පැවත් වූ ලකුණු 214 සබඳතාවය නිසාය.ඒ නිසා එංගලන්තයට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබන්නට අයර්ලන්තයට හැකි විය.

තරඟවලියේ පළමුවරට එංගලන්තයට පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලැබුණේ අයර්ලන්තය කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කිරීම හේතුවෙන්ය.එංගලන්තය එම අභියෝගය භාර ගනිමින් පළමු ජයග්‍රහණ දෙකේ ජයග්‍රහණයේ ශක්තියත් සමඟ විශ්වාසයෙන් පහර දෙමින් පන්දු ඕවර් 49.5 දී ඉණිම නිමා කළේ,සියල්ල දැවී ලකුණු 328 ක් ලබමින්ය.එහිදී අයර්ලන්තයේ ඉපිද එංගලන්තය ලෝක කුසලානය කරා මෙහය වූ එයින් මෝරගන් නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කරමින් පන්දු 84 දී ලකුණු 106 ක් වාර්තා කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 15 ක් සමඟින්ය.එයට අනගි සහයක් දුන් ටොම් බැන්ටන් පන්දු 51 දී ලකුණු 58 ක් ලැබූ අතර තුන් ඉරියව්වෙන්ම මේ තරඟාවලිය තුළ කැපී පෙණුන ඩේවිඩ් විලී තරඟාවලියේ වීරයා වන්නට අවශ්‍යය ඉණිම දියත් කරමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 42 දි ලකුණු 51 ලැබීය.
අයර්ලන්තය වෙනුවෙන් ක්‍රේග් යන්ග් ලකුණු 58 කඩුලු 3 දවා ගත් අතර ජොස් ලිට්ල් සහ කර්ටීස් කැම්ප්හර් කඩුලු 2 බැඟින් ලබා ගත්තේ පිළිවෙලින් ලකුණු 62 ක් සහ 68 ක් ලබා දෙමින්ය. පෙනුමට දැවන්ත වූ ඉලක්යට මුහුණ දෙන්නට පැමිණි අයර්ලන්තය වෙනුවෙන් එම අභියෝගය භාරගත් බව පළමු පන්දුවේ සිටම සහතික කළ පෝල් ස්ට්‍රිලින්ග් නව වන ඕවරයේ අවසන් පන්දුවට පළමු කඩුල්ල ලකුණු 50 දී දැවී යන විටත් එම ලකුණු ප්‍රමානයෙන් දැවී ගිය ගරේත් ඩිලනිට ලබා ගන්නට ඉඩ හැර තිබුණේ පන්දු 21 දී ලකුනු 12 ක් පමණි.
අනතුරුව ස්ට්‍රිලින්ග් සහ බෙල්බ්‍රිනි ජයග්‍රහණය සඳහා අවශ්‍යය අත්තිවාරම දැමූ අතර තරඟයේ නියමිත පන්දුවාර 50 නිමාවීමට තිබූ පන්දුවට පෙර පන්දුවේදී අයර්ලන්තයේ ජය තහවුරු කරමින් පන්දු ඕවර් 5.2 දී නොබිදි ලකුනු 50 ක් සිව්වන කඩුල්ලට එකතු කළ හැරී ටෙක්ටර් සහ අයර්ලන්තය සතු ප්‍රවිනම ක්‍රීඩකයෙක් වන කෙවින් ඕ බ්‍රයන් සමත් විය.හැරී ටෙක්ටර් පන්දු 26 දී ලකුණු 29 ක් නොදැවී බා ගත් අතර බ්‍රයන් පන්දු 15 දී නොදැවී ලකුනු 21 ක් බා ලබා ගත්තේය.
ඡායාරූපයේ දැක්වෙන්නේ සිය නවවන එක්දින ජාත්‍යන්තර ශතකය ලබා ගත් පෝල් ස්ට්‍රිලින්ග් ප්‍රෙක්ෂක්යන්ට ආචාර කරන අයුරුය.ලකුණු විස්තරයට පහතින් පිවිසෙන්ට හැකිය.