අම්මලා දුවලාගේ සංගමයක් ආයෙත් ?

ශ්‍රී ලංකාව සතුව සිටි දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවක් කාලයට පෙර නායකකමට ගෙන එමින් සහ සිය අවශ්‍යයතාවයන් අනුව වැඩ කරමින් නෙට්බෝල් ක්‍රීඩාව පවුලේ දේපළක් බවට පත් කරගත් අයෙක් මේ වන විට වර්ථමාන සභාපතිණියද සිය නූලෙන් නැටවෙන රූකඩයක් කර ගන්නට හැකි උපරිම ශක්තිය යොදා කටයුතු කරන බවට දැන ගන්නට ඇත.

ඒ අනුව කාලයට පෙර නායකත්වයට ගෙනා දියණිය දීර්ඝ කාලයකින් පසුව ක්‍රීඩිකාවක ලෙස කණ්ඩායමට ගෙන එන්නට හෝ කණ්ඩායමේ සහය පුහුණුකාරිනියක කරන්නට මේ වන විට එම මව සූදානම් වෙමින් සිටින බව දැන ගන්නට ඇත.

කලකට පෙර එක් විදේශ සංචාරයකට දියණිය සහ මව එක්වීම නේට්බෝල් කේෂ්ත්‍රයේ පිරිස් හැදින් වූවේ ආණ්ඩුවේ සල්ලිවලින් නෑ ගම් යාම හැටියටය.ඒ සිය දියණිය විවාහ කර ගන්නට සිටි පුද්ගලයා පදිංචිව සිට රටට විවාහයට පෙර යාම හැර,එම මවට එම සංචාරයේ වෙනත් වැදගත්කමක් නොතිබි බව එකල විශේෂයෙන් කතාබහට ලක් විය.

එසේම ඉතා දක්ෂ ක්‍රීඩිකාවක වූ දියණියව අම්මාගේ න්‍යායපත්‍රවලට අනුව යමින් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවෙන් ඉවත් කර ගැනීම ගැන ද විවිධ ආකාරයේ විවේචන එල්ල වූ අතර මේ වන විට ඉහළ නිලධාරින්ගේ දෙපා මුල දියණියගේ දෙදන නම්මමින් ඇය යළිත් නෙට්බෝලයේ දැලේ පැටලලි හදන්නට උත්සාහ කරමින් තිබෙන බව වාර්තා වේ.

එහි මූලික පියවරක් ලෙස මෑත දිනෙක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් පුහුණුකාරියන්,විනිසුරුවන් නායිකාවන් එක් වූ හමුවේදි ඇය කැපී පෙනෙන චරිතයක් වීමට සමත් වූ බවද එම තොරතුරු අනාවරනය කරන්නේය.

Recommended For You

About the Author: Editor