
කාශ්මීරයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පාලන ප්‍රදේශ සීමාව වෙත පළමු වරට සෙබළියන් යෙදවීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා.
ඇසෑම් රයිෆල් බලකායේ සෙබළියන් පිරිසක් මේ අයුරින් කාශ්මීරයට අනුයුක්ත කර තිබෙනවා.
ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයන් හි පළවීමත් සමග ඒ පිළිබඳ ඉන්දියාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර කතාබහක් නිර්මාණය වී ඇතැයි වාර්තා වනවා.