දකුණු කොරියාවේ ගලවාගැනීනේ මෙහෙයුමකදී හත් දෙනෙක් අතුරුදහන්

දකුණු කොරියාවට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය අතරතුර ගලවාගැනීමේ යාත්‍රා තුනක් පෙරළී හත් දෙනකු අතුරුදහන්ව තිබෙනවා.
දැනට වාර්තා වන අන්දමට, සියොල් අගනුවරින් ඊසානදිග ප්‍රදේශයකදී සිරවී තිබුණු පොලිස් බෝට්ටුවක් බේරාගැනීමට උත්සාහ කරද්දී මෙම අනතුර සිදුව තිබෙනවා.


දකුණු කොරියාවට දින ගණනක් තිස්සේ දරුණු වැසි ඇද හැලෙනවා. ඇතැම් ප්‍රදේශයන්ට මේ වෙද්දී මාස එකහමාරක් තිස්සේ වැසි වැටෙමින් පවතිනවා. සියොල් නුවරටද ජලගැලීම් බලපා තිබෙනවා.
මේ වනවිට ජලගැලීම් හේතුවෙන් 16 දෙනකු මියගොස් තවත් 11 දෙනකු අතුරුදහන්ව තිබෙන අතර පසුගිය දිනවල අවතැන් වූ පිරිස 1600 ක් වනවා.

Recommended For You

About the Author: Editor