
ජපාන ඔලිම්පික් කමිටුව ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් වැඩ කරන සියළුම අයගෙන් දෛනිකව වාර්තාවක් අපේක්ෂා කරන බව ඔලිම්පික් උළෙලේ බේස්බෝල් සහ සොෆ්ට්බෝල් තාක්ෂණික නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ සුජීව විජේනායක පවසනවා.
“කාර්ය මණ්ඩලයෙන් සියයට 50 ක් පමණයි කාර්යාලය සඳහා වාර්තා කරන්නෙ.ඒත් හැමෝම ඔන්ලයින් සේවා ව යොදාගෙන හරි වැඩ කළ යුතුයි.ඒ වැඩ කරන ප්‍රමානය ගැන දෛනිකව වාර්තාවක් නව යෝජනාවන්ද ඇතුළත්ව ලබා දෙන්නට වෙනවා.හැම කෙනෙක්ම උදෑසන සිය ශරීර උෂ්නත්වය මැන වාර්තා කිරීම අනිවාර්ය කර තිබෙනවා.සෙල්සියස් අංශක 37.5 ට වඩා නම් කාර්යාලයට වාර්තා කිරීමෙන් වළකින්න ඕනි.”සුජීව විජේනායක මේ වන විට ඔලිම්පික් උළෙල සදහා වැඩ කරන සමස්ත කාර්ය මණඩලයටම පැවරී ඇති පොදු වැඩ සටහනේ ලක්ෂන ඒ ආකාරයෙන් පැහැදිළි කළා.
කොවිඩ් බලපෑම තියෙනවා.ඒත් ඒක නැති කරලා ඔලිමිපික් පවත්වන්න හැම කැප කිරීමක්ම කරන්න පාලකයන් පමණක් නෙමෙයි ජපන් වැසියන්ද කැප වෙනවා.රටට ලැබෙන මේ කීර්තිමත් මොහොත සැබෑ කරගන්න රටක් වශයෙන් ඔවුන්ට ඇති අවශ්‍යයතාවය උනන්දුව නිසා 2021 දි ගිම්හාන ඔලිම්පික් උළෙල ජපනායේ පවත්වන්න පුළුවන් වෙයි යනුවෙන් ද සුජීව සිය විශ්වාසය පළ කළා.