Lanka Fast News ගැන නෙට්බෝල් ලොක්කියක් කරුණු දක්වයි

අම්මලා දුවලාගේ සංගමයක් ආයෙත්? යනුවෙන් පළ වූ ප්‍රවෘත්තියට අදාළව “ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් පුහුණුකාරියන්,විනිසුරුවන් නායිකාවන් එක් වූ හමුවේදි ඇය කැපී පෙනෙන චරිතයක් වීමට සමත් වූ බවද එම තොරතුරු අනාවරනය කරන්නේය.” යන්නෙහි දක්වා ඇති පරිදි එම වගකීම දැරීමේදී සිදු කර තිබෙන නොසළකා හැරීම් සම්බන්ධයෙන් නෙට්බොල් පරිපාලනයට සම්බන්ධ ඉහළ තනතුරක් දරන්නියක් අදහස් දැක් වූවාය.

එහිදී ජාතික කණ්ඩායමේ නායකත්වය දැරුව ක්‍රිඩිකාවන් නොසළකා හරිමින් පෞද්ගලික උවමනා මත උප නායිකාවන් එම ඇගයීම් සඳහා කැඳවා තිබූ බවට චෝදනා එල්ල වී තිබෙන බව ඇය පිළිගත් අතර “අයෙක්ට වගකීමක් දුන්නම ඒකෙන් පෞද්ගලික වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම වැරදියි.ඒ වගෙම කෙනෙක් තමන්ට අදාළ නැති වරදාන ලබා ගැනීමත් වැරදියි.ඒ දෙදෙනා ගැනම විනය කමිටුවට දැණුම් දීලා පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා යනුවෙන් නෙට්බෝල් නිලධාරිණිය Lanka Fast News වෙත අදහස් දක්වමින් පැවසුවාය.

හර්ෂනී විජයලත්,මරීෂා පුනාන්දු යන නායිකාවන් අමතක කර දමා අපගේ ප්‍රවෘත්තියට අදාළ වු මව ඡන්ද ලබා ගැනීමේ උවමනාවෙන් උප නායිකාවක් නායිකාවන් ලෙස ඇගයීමට ලක් කිරිම ක්‍රීඩාවට ගර්හාවක් නොවේද යන්න අප මෙහිදී විමසා සිටි අවස්ථාවේදි ඇය පැහැදිළි කළේ ඒ ගැන නෙට්බෝල් පරිපාලනය අසාධාරණයට ලක් වූ ක්‍රීඩිකාවන්ට එම තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය කණගාටුව ප්‍රකාශ කිරීමට සූදානම් බවය.එසේම එම ඇගයීම ඔවුන් වෙනුවෙන් සිදු කරන්නට හැකි ආකාරය සොයා බලන බව ද ඇය ප්‍රකාශ කළාය.

වෙනම ක්‍රියාකාරී කමිටුවක් ලෙස නම් කර වෙනත් ඇඳුමකින් සැරසි ඇතැම් නායිකාවන් අපහසුවට ලක් කරේ සහ පිළිවෙලක් රහිත සමරු කළාපයක් කරන තෙක් නෙට්බෝල් පරිපාලනය නිහඬව සිටියේ මන්ද යනුවෙන් අප කළ විමසීමට පිළිතුරු ලෙස එම නිලධාරිණිය පැවසුවේ ඒ කිසිවක් නෙටිබෝල් සංගමයේ පූර්ව අනු දැණුමකින් යුතුව සිදු වී නොමැති බවය.එම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට ආසියානු සූරතාවය සහ ආසියානු කණිෂ්ඨ සූරතාවය යන සූරතා දෙකම දිනා දීමට මැදිහත් වූ ශසිකා සමරසිංහ වැනි ක්‍රීඩිකාවන් අපහසුතාවයකට පත් වෙන්නට ඇති බව අපගේ අදහස වූ අතර එම නිලධාරිණිය එය ද පිළිගත්තාය.

“දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු” යනුවෙන් පැවසූ අය එසේ සිදු නොවීම ගැන මෙන්ම වගකීමක් පැවරුණු විට නුසුදුසු ලෙස කටයුතු කිරීම ගැන ද නෙට්බෝල් ක්‍රීඩාවට සහ ක්‍රීඩිකාවන්ට යම් අගතියක් වීම ගැන විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට පරීක්ෂණයක් කිරීම මේ මොහොතේ සාධාරණය වෙනුවෙන් ඉතිරි වී ඇති එකම ක්‍රියා මාර්ගය බව ද එම නිලධාරිනිය පෙන්වා දුන්නාය.

නමුත් නෙට්බෝල් පරිපාලනයට එවැනි තීරණයකට යාම අමාත්‍යංශ මට්ටමෙන්ම වළක්වන බවටත් එදින ඇගයීමේ දී අසාධාරණයට ලක් වූ පුහුණුකාරිනියකගේ තටු මේ වන විටත් අමාත්‍යංහ ලේකම්වරයා හරහා කපා දමා ඇති බවටත්,ලේකම්වරයා හරහා තමන්ට නෙට්බෝල් වෙනස් කර හැකි බවටත් අපගේ පෙර ප්‍රවෘත්තියට අදාල වූ මව කර තිබෙන ප්‍රකාශය ගැන ද අප එම නිලධාරිනියගෙන් විමසා සිටියාය.

එහිදී අමාත්‍යංශය සම්බන්ධයෙන් කතා කිරීමට තමන්ට බලයක් නොමැති බව පෙන්වා දුන් නෙට්බෝල් නිලධාරිනිය,නමුත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා යනු අත්දැකීම් සහිත පළපුරුදු රජයේ පරිපාලන නිලධාරියෙක් ලෙස ක්‍රීඩාවට අසාධාරණයක් වන තීන්දු තීරණ නොගන්නා බව තමන්ගේ හෘද සාක්සියට අනුව දැඬිව විශ්වාස කරන බව පෙන්වා දුන්නාය.

ප්‍රවෘත්තියකට අදාළ කරුණක් සම්බන්ධයෙන් අප ඇමතීම පිළිබඳව අදාළ ඉහළ නෙට්බෝල් නිලධාරිනියට Lanka Fast News ස්තූතිය පළ කළ අතර ඇය විසින් කරන ලද ප්‍රකාශවලට අනුව සිඳුවන විනය කමිටුවේ කරුණු විමසීම් ගැන “කීර්තිමත් නෙට්බෝල් ඉතිහාසය වෙනස් කිරීම සහ ඊට දායක වූවන් නොසළකා හරිමින් සහ අමතක කරමින් කරන ලද සහ ඉතිහාසය විකෘති කරමින් නුසුදුසු අයව අභිෂේක ගැන්වීම පිලිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීම දෙස ද අපි අවධානයෙන් යුතුව බලා සිටන්නෙමු.

Recommended For You

About the Author: Editor