අයහපත් කාළගුණය නිසා දිස්ත‍්‍රික්ක කිහිපයක විදුලිය බිඳවැටේ

අධික වැසි සහ තද සුළං හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම් සිදුව තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක එලෙස විදුලිය බිදවැටී ඇති බවය.

කොළඹ, කළුතර, රත්නපුර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් සිදුව තිබේ.

අදාළ ප්‍රදේශවල විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර දුම්රියට මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවය.

Recommended For You

About the Author: Editor