මැකෝ යන්න සැරසෙයි

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ 2020 මහ මැතිවරණය නිමාවීමෙන් පසුව පැවති ජනමාධ්‍ය හමුවේදී තමන් එම ධූරයෙන් ඉවත්වන බවට ඉඟි පළ කළේය.1983 වර්ෂයේ සිට මේ දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස මැතිවරණ සඳහා සම්බන්ධ වූ අතිතය සහ එහි අපූරු සිදුවීම් කිහිපයක්ම මෙහිදී දේශප්‍රිය මහතා සිය මතකය අවදි කරමින් මාධ්‍ය හමුවේ තැබීය.

ඔහු වරක් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස සිටියදීම,යාපනය තේරීම්භාර නිලධාරියා ලෙස ද රාජකාරි කළ අයුරු සිහිපත් කළ අතර උසස් නිලධාරියෙක්ව සිටියදී 2003 වර්ශයේදී තමා ජ්‍යෙෂ්ට තැපැල් ස්ථානාධිපති තනතුරේ ද ක්‍රියා කර තිබෙන බව සිහිපත් කළේ තමමෙැතිවරණවලදී කැපවීමෙන් ක්‍රියා කළ ආකාරයට නිදසුන් සපයමින්ය. නැවත මාධ්‍ය හමුවකදී තමන්ව මේ ස්ථානයේදී හමු නොවනු ඇති බව කී මහින්ද දේශප්‍රිය මහතා එහිදී මාධයවේදියෙක් සුබ ගමන් කී දෙයට හාස්‍ය මතු කරමින් පිළිතුරු බදිමින් ස්තූතිය ප්‍රකාශ කර සිටියේය.

Recommended For You

About the Author: Editor