
ඉරානයේ ආගමික අයතුල්ලාවරුන්ගේ බලය බිඳ දමා එරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙන ඒමට අපොහොසත් වීම පිළිබඳ ඇමරිකාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෝෂාරෝපණය කළා.
කුර්දි රූපවාහිනී නාලිකාවක් වන Rudaw TV සමග කළ සාකච්ඡාවකදී බෝල්ටන් සඳහන් කළේ ඉරාන පාලනය න්‍යෂ්ටික වැඩපිළිවෙල මගින් සිය බලය ස්ථාවර කරගැනීමට උත්සුක වන බවයි.
ඇමරිකාව ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පැනවූ අතර ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුණා. එහෙත් බෝල්ටන් පවසන්නේ එම පියවර ඉරාන පාලනය පෙරළා දමන්නට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
බෝල්ටන් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කලක් සේවය කළ අතර පසුව ඔහුව ධුරයෙන් ඉවත් කෙරුණා. එයට හේතු වූ කරුණු අතර ඉරානය සම්බන්ධ ප්‍රතිපත්තිය පිළිබඳ ගැටුම් ද හේතු වූ බව සැලකෙනවා.