TikTok සහ WeChat සමග ගනුදෙනු තහනම් කෙරෙන නියෝගයක් ට්‍රම්ප් වෙතින්

TikTok යෙදවුම අයත් චීනයේ ByteDance සමාගම සහ තවත් චීන සමාගමක් වන WeChat සමාගමද එම සමාගම්වලට අයත් වන වෙනත් සමාගම් ද සමග ගනුදෙනු තහනම් කෙරෙන විධායක නියෝගයකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා අත්සන් කළා.


ඇමරිකානු නීති පද්ධතිය බලපාන ප්‍රදේශයන්ට බලපාන අයුරින් එම නියෝගය පනවා ඇත්තේ අත්සන් කරන ලද දිනයට දින 45 කට පසු බලාත්මක වන ලෙසයි.
චීන ජංගම දුරකථන යෙදවුම් සමාගම් ඇමරිකාව තුළ ක්‍රියාත්මක වීම තම රටෙහි ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඇමරිකාව කියා සිටිනවා.


ByteDance සමාගමේ ඇමරිකානු මෙහෙයුම් මයික්‍රසොෆ්ට් සමාගම විසින් මිලදී ගන්නට ද සූදානමක් පවතිනවා. ඇමරිකාව තුළ TikTok හි කටයුතු තහනම් කිරීමට ට්‍රම්ප් මීට පෙර සූදානම් වූ අතර මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධානියා ඔහු සමග කළ සාකච්ඡාවකට පසු එම සැලසුම කල් දමනු ලැබුණා.

Recommended For You

About the Author: Editor