අලුත් ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිට අතුරු කමිටුවක් පිහිටුවා වැඩ ඇරඹිමට පාපන්දුවෙන් ඉඩක්

පිහිටුවන නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයාට සිය ධූරයේ වැඩ ආරම්භ කරමින් පාපන්දු පරිපාලනයේ ඇති අර්බූදය නිමා කරන්නට අතුරු කමිටුවක් පත් කරන්නට සිදු විය හැකි බව ක්‍රීඩා කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති සහ ලේකම් අතර බල අරගලය මේ වන විට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය දක්වා ගොස් තිබෙන බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග එසේ ජාත්‍යන්තරය දැන ගැනීමට හේතුවී ඇත්තේ මේ සම්බන්ධ කරුණු ඇතුළත් පෙත්සම් ජාත්‍යන්තර පරිපාලනය වෙත යොමු වී තිබෙන නිසා බව එම ආරංචා මාර්ග පෙන්වා දෙයි.

මෙම අර්බූදකාරී තත්තවය උද්ගත වීමට බල පා ඇති හේතුව වන්නේ එළැඹෙන පාපන්දු නිලවරණය මුල් කරගෙනය.වත්මන් ලේකම්වරයා එළැඹෙන නිලවරනයේදී සභාපති ධූරයට තරඟ වැදීමට සූදානම් වන අතර වර්ථමාන සභාපතිවරයා පාපන්දු කේෂ්ත්‍රයේ ජනප්‍රිය නමක් සහිත පුද්ගලයෙකුට සභාපති දූරය සඳහා පිවිසෙන්නට උදව් කරමින් සිටින බවත් බලය සඳහා දෙපාර්ශය අතර පවතින ගැටුම ජාත්‍යන්තරය දක්වා දිවෙන විරසකයට හේතු වී ඇති බවත් එම ආරංචි මාර්ග අනාවරණය කරයි.මෙම විරසකය උත්සන්න අවස්ථාවකට පිවිසෙන්නේ කෝට්ටේ පාපන්දු ලීග නිලවරණයේ නිරීක්ෂකයකු ලෙසින් සහභාගී වීමය.මෙය හෙලා දකිමින් සභාපතිවරයා විසින් කළ නිදහසට කරුණු විමසීමට,ලේකම්වරයා නීතිඥයෙකු මාර්ගයෙන් ඛිත ප්‍රතිචාර දැක්වීමට කටයුතු කර ඇති බවත් එම ආර’චි මාර්ග පෙන්වා දෙයි.එපමණකින් නොනැවතී ලේකම්වරයා විසින් තම ධුරයේ කටයුතු කිරීමට සභාපතිවරයාගෙන් බලපෑම් එල්ලවන බව පවසා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට කරුණු දක්වා ඇති බව ද පැවසේ.

Recommended For You

About the Author: Editor