විමල්ගේ කරේ නැඟ දිණුම් කණුවට ආ සරත්

සරත් වීරසේකර යනු නාවික හමුදාවේ ඉහළ නිලයක් දැරුවෙක්ය.එම තනතුර නිසාම ඔහු හැම විටම ස්වීය තීරණය මිස පොදු එකඟතාවයකට යොමු වන්නට මැලි වන්නේය.19 වන සංශෝධනය සිදුවන විට අත එයට ඔහු අත ඉස්සුවේ නැති එකම මංත්‍රීවරයා විය.නමුත් පක්ෂයක් හැටියට ඔහු පක්ෂයේ තීරණයේ සිට නොගත්තේය.එය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එවකට බහුතරයක්ව සිටි විපක්ෂය සිය මංත්‍රී කණ්ඩායමට ලබා දුන් නිදහසක් ලෙස අරුත් ගන්වන්නේනම් මෙවර පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවේ නිරන්තරයෙන් කතා වුණේ 19 මේ රටට සාපයක් වූ බවය.එසේනම් දුර දක්නා නුවණක් නැති දේශපාලකයන් ලෙස ඔවුන් එයට එකඟ වු බව කියන තැන සිටම ඔවුන් දේශපානිකව අසමත්හූ වෙති.

සැබවින්ම විමල් වීරවංහ නැවත මහින්ද රාජපක්ෂ පෙරට ගෙන ඒමේ වෙඩි මුරයේ වැඩිම මූනිස්සම් ප්‍රමානය වැය කළ පුද්ගලයාය.අද ගෝඨාබය සහ මහින්ද ඔය අසුන්වල වැඩ සිටින්නේ විමල් වැය කළ වචනවල විශාල බරක් ද දායකත්වයක්ද සමඟය.

එහෙත් සම්ප්‍රදායික දේශපාලනයේ සිට ජන මනස වෙනස් කිරීමේ කලාව ඔහු දත්තේ වුව ද,සරත් වීරසේකරගේ තීක්ෂණ යුද ඥාණය ඉදිරියේ ඔහු පසු බැස්සේය.තවත් විදිහකට එය අර්ථ දක්වන්නේ නම් විමල් වෙහෙස වී ඇඳපු දිය බඳුණෙන් වැඩි ප්‍රමානයක් තමන්ගේ බඳුනට දමා ගන්නට සරත්ගේ යුද ඥාණයට හැකි වුණේය.එසේම ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.සරත් ඒ ආකාරයෙන් බැලුවොත් චිත්‍රපටය අපූරුවට අධ්‍යක්ෂණය කළේය.විමල් එහි ප්‍රධාන චරිතය ලෙස හැසිරුණද ඔහු පිටපත කියවා නොතිබිණ.ඉතා සියුම් පරාසයක දිවෙන කුඩා චරිතයක් හැටියට චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන භූමිකාවට පන දී ඇත්තේ සරත් බව දැන ගන්න විමල්ට ලැබෙන්නේ ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුවය.අධ්‍ය්කෂවරයා ලෙස ඔහු කැමරාව නාභි ගත කරන තැන විමල් නොදකින්නේය.ඔහු කරන්නේ රඟන එකය.නමුත් ඔහු රැඟුවාට කැමරාව තමන්ට එල්ල කර තබා ගන්නට සරත් සමත් වූයේ කැමරාව කොතැන කුමක් කෙරෙහි එල්ල වී තිබිය යුතු ද යන්න දන්නේ අධ්‍යක්ෂවරයා බැවිනි.

එසේම යුද සෙනවියෙක් ලෙස ප්‍රතිවාදිය පරාජය කිරීම දවසකින් දෙකකින් කරන්නට නොහැකිය.ඒ සඳහා දුර දක්නා නුවණක් අවැසි වන්නේය.සරත්ට එය තිබුණේය.පාර්ලිමේන්තුවේ දහ නමවැනි සංශෝධනයට එකඟ නොවිම ඔහු කරන්නේ ඒ සැළසුමේ මුල් පියවර හැටියටය.ඒ වන විට 19 එකඟ වී පොහොට්ටු වේදිකාවල එය පතුරු ගසන විමල්ලා අත් ඔසවා එහි කුණු තවරා ගෙන තිබිණ.නමුත් සරත් වීරසේකර සුපිරිසිදු විය.විමල් ලා තමන් ඇඟේ මඩ,කුණු,කළු තවරාගත් බව කියද්දී මං විතරයි ගා ගත්තේ නැත්තෙ කියා සරත් වීරසේකර කිව්වේ විමල්ලා මහන්සි වි සැතපුම් ගණන් පය ගෙවෙනකම් ඇවිද උපයාගත් ජනමතයෙන් වැඩි කොටස දැමීමට සුදුසු සුපිරිසිදුකම තිබෙන්නේ තමන් ළඟ බව ජනතාවට පෙන්වමින්ය.

විමල්ලාගේ ප්‍රධාන තේමාව වූ එයට විරුද්ධ වූ එකම මහජන නියෝජිතයා ලෙස විමල්ලාටද සරත් ගැන මොර ඟඟා කියන්නට සිදු වි තිබිණ.ඔහු දුර තියා රණබිම හැදිණ ගත්තේ ඔහුගේ යුද ඥාණයෙන්ය.ඒ නිසා ඔහු විමල්ලාට ද හැම විටම පිරිසිදු කර “මරු” කියා සරත් පෙන්වන්නට සිදු විය.

එසේම එල්ටීටීඊ ව්‍යාපාරය විනාශ වූයේය.පද්මනාදන් හෙවත් නව නායකයා ලෙස අභිෂේක ගැන් වූ තැනත්තේද සිටියේ රාජපක්ෂ තුරුල්ලේය.එහෙත් සිය දේශපාලන භාවිතාවේ ප්‍රධාන උපාය මාර්ගය ජාතිය සහ ආගම කරගන්නා තැන සුළු ජාතික දේශපාලන සංවිධාන මෙන්ම දෙමළ ඩයස්පෝරාව නම් වූ යුදමය නොවන සිවිල් සංවිධානයන්ටද තැලීම ප්‍රචාරක ව්‍යාප්‍රතියක් කරගත හැකි බව දුටුවේ පොහොට්ටුවේ සිටි සරත්ලා වැනි පිරිසය.ඔවුන් විදේශයන්ට ගොස් සාකච්ඡා කළේය.ඒවා සමාජ ගත කළේය.ලෝකයේ කිසිම රටකට බය නැති ආඩම්බරකාර සිංහල බෞද්ධයන් අතළොස්ස අතරට සරත් වීරසේකර ඉබේම පත් විය.

ඒ වැඩේ කරන්නට විමල් ට නොහැකිය.විමල්ට පුළුවන් විදේශ තානාපති කාර්යාලයක් ළඟ බිම දිගා වී මහින්ද රාජපක්ෂයන් තැඹිලි වතුර ගෙනෙන තුරු නොකා නොබී ඉවසන්නටය.නමුත් ඒ තත්ත්වය විදේශයන් තඹයකට මායිම් නොකරන අපේ රටට වඩා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යහුයක් පවතින රටවල්ය.එහෙත් ලංකාවේ ජන මනසට බලපෑමක් කර ඡන්ද යාන්ත්‍රණය හදා ගැනීමේ වාසිය හැර වෙන දෙයක් නොමැති බව දන්න මහින්ද රාජපක්ෂයන් විමල්ගේ උත්සාහයෙන් ඡන්ද ගස්වල අතු සොළවා පලදාව තමන් පාමුලට වට්ටවාගෙන විමල්ට තැඹිලි උගුරක් පොවා වැඩේ නිමා කළේය.දුක් වින්දේ කට්ට කෑවේ විමල්ය.මහින්ද රාජපක්ෂ තමන්ගේ දේශපාලන බුද්ධිය සහ උගත්කම යොදවා තැඹිලි උගුරකින් සමස්ත වැඩේ වීරයා වූයේය.

ඒ ආකාරයට 2015 න් පසු ඇරඹි යහපාලන දේශපාලන ගමන ජාතිවාදි සහ ආගම්වාදි කදවුරු ඉදිරියේ නැමිම බොහෝ දුරට සීමා කළ එකක් විය.ඊට හේතුව වූයේ බොහෝ සිවිල් සංවිධාන ඒ පසුපස සිටීමය.මෙය පෙරළා දමන්නට ඇති අවි ගබඩාවේ තැන්පත් වූයේ ජාතිවාදී උවමනාවන්ය.ආගමික උවමනාවන්ය.එසේම ජාතිවාදය සහ ආගම්වාදය නොසළකන ලද සියල්ල එකම මිනිස් පවුලක් ලෙස සිතන්නට බලපෑම් කරන සිවිල් සංවිධාන එන්ජීඕ ලෙස හංවඩු ගසන මෙහෙයුම්ය.යුද්ධයට කිසිසේත් සම්බන්ධකමක් නැති වෙනත් පෞද්ගලික උවමනාවන් මත සමූහ ඝාතන සහ අතරුදහන් කිරීමවලට සැක කර සිර කළ හමුදාවල පිරිස් යුද වීරයන් කර ආන්ඩුව රණවිරු දඩයමේ යෙදෙන බව සමාජ ගත කිරීමේ උවමනාවන්ද එහිම විය.

ඒ සියලු චෝදනාවන් සමඟ ගැලරියේ ප්‍රධාන මෙහෙයුම ක්‍රියාත්මක කළේ විමල් ය.ඒ හැම සටන් පාඨයකම විරයාගේ භූමිකාව වෙන්නට සරත් වීරසේකර සමත් වූයේය.සරලව කීවොත් විමල් රූකඩයක් කර නූල සරත් වීරසේකර වැන්නන් අත තබා ගත්තේය.රණ විරුවා හිරකිරීම  ගැන කතා කරමින් රණවිරුවා ජන මනස තුළ තැන්පත් කිරීමේ වැඩේ විමල්ලා කරන කොට ඔවුන් ජන මනසේ හැදුව කිරුළ ගැලපුණේ කෑ ගහන විමල්ට නොවේය.සරත් වීරසේකරටය.විමල් ජාතයන්තරයට එරෙහිව පාරේ නිදද්දි ලෝකයත් එක් කතා කරන්නට අවශ්‍යය භාෂා ඥාණයේ සිට දැණුම,පළපුරුද්ද සහ වෘත්තීයභාවය පෙන්නුවේ සරත්ය.ජාතිවාදය සහ ආගම්වාදී සමාජයක් පතුරවන විට එයට ව්‍යවස්ථා සංශෝධනය හේතුවූ බව කියන විට,එය රට සුළු ජාතිකයන්ට පාවා දීමක් බව කියමින් කැ මොර දෙන විට එම ව්‍යවස්ථාවට විරුද්ධ වූ අයෙක් සිටියේ සරත් වීරසේකර පමණය.එන්ජීඹ් පිළිබඳව අනියත බියක් ඇති කරමින් එවැනි රාජ්‍ය නොවන සංවිධාන ජන මනසට වහකඳුරු කරන්නට කටේ කෙල බිදිති ‍කෙළ කෝටියක් වැය කරද්දී ජාත්‍යන්තරයේ ඩයස්පෝරාව සමඟ හැප්පෙන්නට ජීනීවා ගොස් තමන්ගේ අදහස් කියා පැමිණි වැඩකාරයා සරත් වීරසේකර විය.කසකරුවා මහන්සි වි කසය වනා පෙරහැර එන බව කියන විට සංසුන්ව වැඩි වෙහෙසකින් තොරව නිලමේ වරයෙක් හැටියට සරත් වීරසේකර පෙරහැරේ ගියේය.

ඡන්දය නිමා වී ප්‍රතිපල එනතුරුම තමන් කාගේ හෝ දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක කථිකයෙක්ව සිටිය බව විමල් ට දැණුනේ නැත.ඔහු රටේ අස්සක් මුල්ලක් නෑර පය ගෙවෙන තුරු ඇවිද,කයේ කෙළ හිඳෙන තුරු කතා කර පොහොට්ටුව පෙරට ගේන පෙරහැරේ කසකරු වෙද්දී සරත් සපත්තු ගෙවා ගන්නේ නැතිව,වචන වීසි කරන්නට වැඩිය මහන්සි නොවී විමල්ගේ කරට වී සිටියේය.මැතිවරණයේ ප්‍රතිපල එන විට අන්තිම දිණුම් රේඛාවේදී විමල්ගේ කරෙන් පැන පළමුවැන්නා ලෙස ඓතිහාසික ජයක් ලබමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු වැන්නා වෙන්නට සරත් වීරසේකර සමත් විය.

විමල් මහන්සි වී ගොඩ නැඟූ ජනමනස වැඩිපුරම නැඹුරුව ඇත්තේ දැන් සරත්ට ය.ඔහුගේ වෘත්තීයබාවය,ජාත්‍යන්තරය සමඟ ගණුදෙනු කරන්නට ඇති හැකියාව ආදි බොහෝ තැන්වලින් සරත් විමල් පසු කර ඉදිරියෙන් ඇත.දැන් ජනප්‍රසාදයෙන්ද ඉදිරියෙන්ය.ඒ නිසා විමල්ගේ මහන්සිය සහ කැපවීම,දරදිය ඇදීම වැනි සියලු කාරණා සළකද්දී ඊට ඉදිරියෙන් ජනතාව වැළදගෙන සිටින සරත් වීරසේකර ද සමතැන් හී සළකා වගකීම් බෙදා දීමේදී ආණ්ඩුවට තීරණයක් ගන්නට වෙනවා නිසැකය.

ගම්පහ ප්‍රතිපලය දකිද්දී ද රණවිරුකම අත හැරි විට ආචාරය නාලක ගොඩහේවා ප්‍රසන්න රණතුංගනම් වූ පොහාට්ටුවේ දැවන්තයා අභිබවා ගොඩ ගියේ මේ ආකාරයෙන්මය.පිට හදන අය වැඩක් නැත.සෙල්ලම් කරන්නට දත් අය අවශ්‍යය ය.තරඟ ජයගත හැක්කේ ඒ අයටය.සරත් වීරසේකර කොළඹින් මෙන්ම නාලක ගොඩහේවා ද කර පෙන්වූයේ එයය.

රණරාළ

Recommended For You

About the Author: Editor