
රුපියල් මිලියන 363.3ක් ක ලංසුවක් තබමින් එල්පීඑල් 20/20 තරඟාවලියේ පූර්ණ ඉසව් අනුග්‍රාහකත්වය ඩුබායිහි ඉනොවටිව් ප්‍රඩක්ෂන් ගෲප් (අයි.පී.ජී.) විසින් දිනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයප්රකාශ කරයි.එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.96 ක් මුදලකි.
මෙම පූර්ණ ඉසව් අනුග්රාහකත්වයට ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හිමිකාරත්වය අන්තර්ජාතික මාධ්‍ය අයිතිය ක්‍රීඩා පිටි අනුග්‍රාහකත්වය සහ එම ඉසව්වේ ශ්‍රව්‍ය දෘෂ්‍ය නිෂ්පාදන අයිතිය යන විෂයයන් අයත් වේ.
ඉල්ලුම්කරුවන් 25 ක් අතරින් ඉහත කී හිමිකාරිත්වය සඳහා වන ඉහළම මුදල ලබා දී ඇත්තේ ඉනොවටිව් ප්‍රඩක්ෂන් ගෲප් (අයි.පී.ජී.) බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.ඩුබායි කේන්ද්‍රකරගත් අන්තර්ජාතික මාධ්‍ය ආයතනයක් අයිපීජී හී නිර්මාතෘ වන්නේ අනිල් මොහාන් ය.
ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය විදේශීය ක්‍රීඩකයන් 30කගේ පමණ දායකත්වය සහිතව අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 දා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.