
සියදිවි නසාගත් බව කියන බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ බැංකු ගිණුමේ විශාල මුදලක් ඔහුගේ මරණයට ආසන්නයේදී වෙනත් ගිණුම්වලට මාරුකර තිබීම ආදී කරුණු සම්බන්ධව ඔහුගේ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්තිගෙන් ප්‍රශ්න කිරීම අරඹනු ලැබුණා.
ඇයව අද එරට ආර්ථික බුද්ධි ඒකකය වන බලගැන්වීමේ ආයතනයේ (Enforcement Directorate) මුම්බායි කාර්යාලය වෙත කැඳවනු ලැබ තිබුණා.
මෙම කරුණ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයක් කෙරෙන හෙයින් තමන් මෙම අවස්ථාවේ ප්‍රකාශයක් කිරීම නුසුදුසු යයි චක්‍රබෝර්ති විසින් කළ කරුණු දැක්වීම එම ආයතනය විසින් ප්‍රතික්ෂේප කෙරුණා.
මෙම විභාගයන් ඇරඹුණේ රාජ්පුත්ගේ පියා බිහාර් පොලිසිය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුවයි. මුලින් බිහාර් පොලිසිය විසින් මෙම පරීක්ෂණ දියත් කළ අතර පසුව එය මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය වෙත බාර දෙනු ලැබුණා.