
රුසියාව විසින් නිපදවන ලද කෝවිඩ්-19 සඳහා වන එන්නතක් අගෝස්තු 12 වනදා නිල වශයෙන් ලියාපදිංචි කරන බව එරට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති අල්යෙග් ග්‍රිද්නේෆ් පවසනවා.
ඔහු කියා සිටියේ මේ වනවිට තුන්වන අදියරේ පර්යේෂණ කටයුතු දියත් වෙමින් පවතින බවයි. මෙම එන්නත සෞඛ්‍යාරක්ෂිත බවට සහතික කරගැනීමට එය වැදගත් බව ඔහු පෙන්වා දෙනවා.
තවද නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේ වයස්ගත පුද්ගලයන් සහ වෛද්‍ය කාර්යය මණ්ඩල වෙත මුලින්ම එන්නත ලබාදෙන බවයි.
රුසියාවේ ගමලෙයා වසංගත රෝග හා ක්ෂුද්‍ර ජීව විද්‍යා ආයතනය විසින් නිපදවන ලද මෙම එන්නත බුර්දෙන්කෝ හමුදා ශික්ෂණ රෝහලේදී හා සෙචෙනෝෆ් පළමු මොස්කව් වෛද්‍ය විශ්ව විද්‍යාලයේදී මානව පරීක්ෂණයන්ට භාජනය කෙරුණා. ජූනි 18 වනදා 38 දෙනකුගෙන් පරීක්ෂණ ඇරඹි අතර එම සියල්ලන්ටම කෝවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ගොඩනැගුණ බව පැවසෙනවා.
කෙසේ නමුත් ඇතැම් විදෙස් රටවල් රුසියාවේ මෙම එන්නත පිළිබඳ සැක මතු කරනවා. මෙතරම් ඉක්මණින් මානව පරීක්ෂණ කරන ලද ආකාරය පිළිගත් උපමානයන්ගෙන් අපගමනය වී ඇති බවට වන සැකය ඊට හේතුවයි.