සකර්බර්ග් ඩොලර් බිලියන සියයේ ධනපති සමාජයේ තුන්වැන්නා වෙයි

ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ඩොලර් බිලියන සියය ඉක්මවූ වත්කම් සහිත ධානපතින් අතරට එක්ව තිබෙනවා.

මීට පෙර එම සමාජයේ වූයේ ඇමේසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් හා මයික්‍රසොෆ්ට් සමාරම්භක බිල් ගේට්ස් පමණක් බවයි බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකය පවසන්නේ.

සකර්බර්ග්ගේ වත්කම් මෑතකදී ඉහළ ගියේ ෆේස්බුක් සමාගමේ කොටස් සියයට හයක අගයකින් වටිනාකමින් ඉහළ ගිය නිසයි. ඊට හේතු වූයේ එම සමාගම TikTok සමග තරගයක් දීම සඳහා Instagram Reels නම් අංගයක් අරඹන බවට කළ නිවේදනයයි.

Recommended For You

About the Author: Editor