
හොංකොං ප්‍රධාන විධායක කැරී ලෑම් ඇතුළු චීන නිලධාරීන් 12 දෙනකුට එරෙහිව පුද්ගලික සම්බාධක පැනවීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා.
හොංකොං හි මෑතකදී පනවන ලද නව ජාතික ආරක්ෂක නීති හේතුවෙන් ඇමරිකාව විසින් ගන්නා පියවරවල තවත් දිගුවක් ලෙස මෙය සැලකිය හැකියි.
මීට පෙර හොංකොං වෙත ලබා දී තිබුණු විශේෂ වරප්‍රසාද සහිත තත්ත්වය අහිමි කිරීමට ඇමරිකාව පියවර ගත්තා.