
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් නගරයේදී ඩුබායි සිට පැමිණි Air India ගුවන් සේවයට අයත් යානයකට ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් 17 දෙනෙක් මියගොස් 173 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
මියගිය අය අතර යානයේ නියමුවා සහ සහය නියමුවා ද වනවා.
වැසි සහිත කාලගුණය හේතුවෙන් ගුවන් තොටුපලේ ධාවන පථය ලිස්සනසුළු වී තිබුණ අතර එහෙයින් යානය ඉන් ඉවත පැන ඇතැයි වාර්තා වුණා. මෙහිදී එය දෙකඩ වී තිබෙනවා.
මෙම යානය, කෝවිඩ්-19 හේතුවෙන් පිටරටවල සිරවී සිටින මගීන් ගෙන එන “වන්දේ භාරත්” වැඩපිළිවෙල යටතේ වූ ගුවන් ගමනක යෙදී සිටියදී මෙම අනතුරට ලක් වුණා.