වෙනෙසුවේලා ජනාධිපති පැහැරගැනීමට සැලසුම් කළ හිටපු ඇමරිකන් කමාන්ඩෝවරු සිරගෙට

වෙනෙසුවේලාවේ ජනාධිපති නිකුලස් මදුරෝ පැහැරගෙන ඇමරිකාවට ගෙන යාමට සැලසුම් කළ බව කියන හිටපු ඇමරිකන් කමාන්ඩෝ භටයින් දෙදෙනකුට වසර විස්ස බැගින් වන සිර දඬුවම් නියම කරන ලදැයි වෙනෙසුවේලාව පවසනවා.


ලූක් ඩෙන්මන් හා අයිරාන් බෙරී නම් වූ මෙම දෙදෙන සිල්වර්කෝර්ප් USA නම් ආරක්ෂක සේවා සපයන ආයතනයක සේවය කළ දෙදෙනෙක්. ඔවුන් තවත් කිහිප දෙනකු සමග කොළොම්බියාවේ සිට වෙනෙසුවේලාවට ඇතුළු වී තිබෙනවා. මැයි මාසයේදි එම පිරිස අත් අඩංගුවට පත් වුණා.


වෙනෙසුවේලාව පවසන්නේ මෙම ඇමරිකානුවන් දෙදෙනා ඇතුළු පිරිස මදුරෝ පැහැරගෙන, ගුවන් තොටුපලක් අල්ලාගෙන එහි සිට මදුරෝව ඇමරිකාවට ගෙන යාමට සැලසුම් කර ඇතැයි වාර්තා වුණා.
මෙම සැලසුම අනාවරණය වූ පසු සිල්වර්කෝර්ප් සමාගම සහ ඇමරිකාව විසින් පිළිගත් වෙනෙසුවේලාවේ අන්තර්වාර ජනාධිපති හුවාන් ගුවයිදෝ අතර කොන්ත්‍රාත්තුවක් යයි සැලකෙන ලියවිල්ලක් පිළිබඳ එම සමාගම් විසින් ප්‍රකාශ කෙරුණා. නමුත් ගුවායිදෝ පවසන්නේ එම ලියවිල්ල ව්‍යාජ ලෙස සැකසුණ එකක් බවයි.

Recommended For You

About the Author: Editor