“මගේ සාර්ථකත්වය මම මාව ඉගෙන ගන්න කරන කැපවීමයි” නවීඩ් නවාස් lankfastnews සමඟ කළ විශේෂ සාකච්ඡාවක්

නවීඩ් නවාස් ගැන බොහෝ දෙනා කතා කළේය.ඔහුට ජාතික කණ්ඩායමේ තැනක් හිමි නොවීම ගැන ඇති වූ කතා බහ නෑසූ කන්ව,නොදුටු නියා සිටි බලධාරීන් නවීඩ් නවාස්ගේ ක්‍රීඩක ජීවිතය එක් ටෙස්ට් තරඟයකට සහ ජාත්‍යන්තර එක්දින තරඟ තුනකට සීමා කළේය.ලද අවස්ථාවේදී ඔහුගේ එකම ටෙස්ට් තරඟයේදී නොදැවී ලකුණු 78 ක් ලබමින් ශ්‍රී ලංකාවට එම තරඟය ජය ගන්නට අවශ්‍යය මාවත සකසමින් දෙවන කඩුල්ලට මයිකල් වැන්ඩොට් සමඟ ලකුණු 172 ක සබඳතාවයක්ද පැවත්වුව ද ටෙස්ට් ඉණිමක සාමාන්‍ය 99.00 ක්ව ලෙස තබා ගෙන යළිත් ඔහුට ටෙස්ට් තරඟයකට හෝ සහභාගිවන්නට අවස්ථාව ලබා නොදෙන්නට ක්‍රිකට් බලධාරීත්වය කටයුතු කළේය.

එහෙත් පසුව ඔහුගේ හැකියාව වෙනත අයුරකින් ඔබා සිටි දිය කපා ගෙන ඉස්මතු විය.ඒ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙසය.වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තුනකදීම ශ්‍රී ලංකා පුහුණුකරුවා වීම නොවැළක්විය හැකි කාරණයක් විය.එහෙත් ඒ සියල්ල අත්දැකීම් ලබන දැණුමක් බවට පත් කර ගත් ඔහු 2020 දී බංගලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එම ලෝක කුසලානයේ අභිමානය දිනා දෙන්නට මඟ පෙන් වූ පුහුණුකරු වන්නේය.

තවමත් ශ්‍රී ලංකාවට අවුරුදු 19 පහළ ලෝක සූර කණ්ඩායමක් ගැන කතා කරන්නට අවස්ථාව නැති වටපිටාවක,අවුරුදු 19 පහළ ලෝක සූරයන් නිර්මාණය කළ ලාංකේය  පුහුණුකරුවෙක් ගැන කතා කරන්නට අවකාශ සකසා දුන් නවීඩ් නවාස් සමඟ සංවාදයක යෙදෙන්නට අපි තීරණය කළෙමු.මේ මොහොතේ ඔහු පදිංචිව සිටින ඕස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ lankfastnews.com සමග එක් වෙමින් නවිඩ් හා කළ සංවාදය පහතින් අකරුවල ඇමිණී ඇත.

බංගලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ලෝක සූරතාවය දිනා දෙන්න හැකි වුණේ කොහොමද?

ඔවුන්ට ලංකාවෙ වගෙ විශාල පාසල් ක්‍රිකට් තරඟාවලියක් නැහැ.ප්‍රාදේශිය වශයෙන් තරුණ දක්ෂ ක්‍රීඩකයන් යොදවා කරන යූත් ප්‍රිමියර් තරඟාවලියක් තියෙනවා.ඒක ජාත්‍යන්තර ප්‍රමිත්යෙන් පවත්වා ගෙන යන්න බංගලාදේශ ක්‍රිකට් හැම අතින්ම උනන්දු වෙනවා.ඒක හරහා අපි හොයාගන්න දක්ෂයන් 40 ක් විතර සංචිත ගත කරලා තමයි අවුරුදු 19 න් පහළ ජාතික සංචිතය පවත්වා ගෙ යන්නෙ.දැන් තියෙන්නෙ 2022 අවුරුදු 19 න් පහළ සූරතාවය.

එතකොට අපි මේ සංචිතයට ගන්නෙ ඒ වෙනකොට ලෝක සූරතාවය නියෝජනය කරන්න පුළුවන් කණ්ඩායමේ වයස තියෙන අය.මේකෙ ප්‍රමානය සංඛ්‍යාත්මකව වෙනස් වෙන්නෙ නැහැ.හැබැයි පිටත තරඟකාරීත්වය හදලා ඒ දක්ෂයෙක්ට කණ්ඩායමට එන්න ඉඩ හදනවා.එතකොට ඇතුළෙ ඉන්න ටකනෙක්ට යන්න වෙනවා.එහෙම වුණාම ඒ වයසෙ කට්ටිය ඇතුළෙ පිට කියලා නැහැ හැම වෙලාවෙම හොදම දේ කරන්න උත්සාහ කරනවා.තමන් නොසළකා අත හරින හැම මොහොතක්ම වෙන කෙනෙක්ට හදන ඉඩක් වීමේ අවධානය ඒ අයට තියෙනවා.ඒ නිසා පීඩනයක් එක්ක හොඳම දේ කරන්න ඒ හැම කෙනෙක්ම ඉගෙන ගන්නවා.උත්සාහ ගන්නවා.

ක්‍රීඩා කළ එකම ටෙස්ට් තරඟයේදී මාලන් වැන්ඩොට් සමඟ

එතකොට 2022 තරඟාවලිය සඳහා මේ වන විට සූදානම්ද?

දැනට නැහැ මම අර කියපු ප්‍රිමියර් තරඟාවලිය මේ වසරේ පවත්වන්න බැරි වුණා.බංගලාදේශය කොවිඩ්වලින් තදින්ම බැට කන රටක්.ඒ නිසා තරඟාවලිය වෙනුවට ඉදිරියෙදි ඒ හැඩයෙම තරඟාවලියක් තියන්න සැළසුම් සකස් කරන්න මේ වන විට පටන් අරගෙන තියෙනවා.සැප්තැම්බර් අපි ක්‍රීඩකයන්ව කෑම්ප් කරන්න පටන් ගන්න හිතාගෙන ඉන්නවා.තියෙන තත්ත්වයන් ඇතුළෙ හොඳම දේ කරන්න අපි හැම වෙලාවෙම මහන්සි වෙනවා.

මේ වසංගත තත්ත්වය ලෝකයටම බලපාන තත්ත්වයක්.ක්‍රිකට් වගෙම අපි ඒකත් ජයගත යුතු වෙනවා.ඒ තත්ත්වය ඇතුළෙ හොඳම දේ කරන එක වෙනත් වැඩක්.ඒක වැදගත් පාඩමක්.ගොඩක් දේවල් ක්‍රිකට් වෙනුවෙන් ජීවිතයට අලුතින් දැණුම හැටියට එකතු කරගන්න ලැබෙන අවස්ථාවක්.මං ඒකට සූදානම් වෙමින් ඉන්නවා.මං ජීවිතයෙ හැම අත්දැකීමක්ම ඉස්සරහට තියෙනවට තිබුණට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් දැණුමක් කර ගන්න උත්සාහ කරන කෙනෙක්.මං මගෙම දරුවන්ට කියන්නෙත් කියන්නෙත් ඒක.ඒ වගෙම මා යටතෙ පුහුණුවන අයට කියන්නෙත් ඒක.

ඔබ විශ්වාස කරන්නෙ අත්දැකීම් විශිෂ්ඨත්වයට පාර පෙන්නනවා කියලද?

ඔව්.හැබැයි ඒවා ඉගෙනගන්න යොදා ගන්නවානම් පමණයි.සිදුවීමක් හැටියට අරගෙන අත ඇරලා දැම්මොත් ඒක මතකයක් විතරක් වෙයි.

අවුරදු 19 න් පහළ ලෝක කුසලානය බංගලාදේශය ජය ගැනීම විශිෂ්ඨ මඟ පෙන්වීමක්.ඒ මඟ පෙන්වීමටත් අත්දැකීම් වලින් ඉගෙන ගත්තු දේවල් බල පෑවාද?

ඔව් අනිවාර්යෙන්.ඒක එක රැයක හපන්කමක් නෙමෙයි.මං ලෝක් සූරතාවයට ගිය අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායම් තුනකට පුහුණුකරු හැටියට දායක වෙලා තියෙනවා.මේ තරඟාවලිය සඳහා රටක් කණ්ඩායමක් හදන්නෙම ඊ ලඟ ජාතික කණ්ඩායම ශක්තිමත් කරන්න අවශ්‍යය පදනම සකසා ගන්න.එහෙම බැලුවම ඒ කණ්ඩායම්වලින් ඉස්සරහට ආපු අය ඉන්නවා.කිත්රුවන් විතානගේ,භානුක රාජපක්ෂ,උදාර ජයසුන්දර,ධනුෂ්ක ගුණතිලක,තරිඳු කෞශාල්,නිරෝෂන් දික්වැල්ල,කුසල් මෙණ්ඩිස්,සදීප සමරවික්‍රම,චාමික කරුණාරත්න මේ ඒ වගෙ කීප දෙනෙක්.

එක අවස්ථාවක අපි අවසාන පූර්ව තරඟයකටත් ඇවිත් අවාසනාවන්ත විදිහට අවසාන තරඟය මඟ හැරෙනවා.ඉතිං ඒ හැම දෙයකින්ම ක්‍රීඩකයො නිර්මාණය කරන්න තරඟ දිනන්න ඉගෙන ගත්තා.ඒ අත්දැකීම් හරහා තමයි මට පුළුවන් වෙන්නෙ ලෝක සූර කණ්ඩායමකට හරි මාර්ගය පෙන්නලා දෙන්න.

ඔබ මේ සංවාදයෙ කියනවා ලංකාවෙ පාසල් ක්‍රිකට්වල විශාලත්වය ගැන.ඒත් අපි තවම අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයකට ගිහිං නැහැ.?

ලංකාවෙ පාසල් ක්‍රිකට් තමයි අපි හැදුවෙ.අර්ජුන,අරවින්ද,රොෂාන්,හෂාන්,ගුරුසිංහ,සංගක්කාර,මහේල මේ දක්වාත් අද හැදෙන දක්ෂයොත් ලංකාවෙ පාසල් ක්‍රිකට් හරහා මතු කරල දෙන දක්ෂයො.හැබැයි අද වෙන කොට මං හිතන්නෙ පාසල් ගණන වැඩියි.තරඟ ගාණ වැඩියි.ක්‍රීඩකයො ගාණ වැඩියි.10000 ක විතර එක තරඟ වාරයක ක්‍රීඩා කරනවා.මේ තරඟ පැවත්වෙන හැම ස්ථානයකටම සිලෙක්ටර්ස්ල යනවා කියන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි.

ඒ නිසා ක්‍රීඩක දක්ෂතා වාර්තා කරන කොට හුඟ වෙලාවකට ඒ දක්ෂතා මතුවන ග්‍රවුන්ඩ් කන්ඩිෂන් එක අපි දන්නෙ නැහැ.සමහර ක්‍රීඩකයො පහසුවෙන් ලකුණු 1000 ගැහුවා කියලා වාර්තා එනවා.බලනකොට පොඩි ග්‍රවුන්ඩ් එකක ගහලා තියෙන්නෙ.

ඒ නිසා ජාත්‍යන්තර මට්ටමේ කන්ඩිෂන් එක්ක ප්ලේ කරලා තමයි අපට හොඳ අය වටහාගන්න වෙන්නෙ.හෂාන් ගිය අවුරුද්දෙ මේකට උත්සාහයන් කිහිපයක්ම ගත්තා.මං කියන්නෙ තරඟ කරන පාසල් ප්‍රමානය වෙනස් කරන්න නෙමෙයි.ඒක දරුවන්ගෙ අයිතියක්.හැබැයි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනි සැබෑම දක්ෂයො හොයා ගෙන ක්‍රීඩාවට ජාතික වටිනාකමක් ඇති ක්‍රීඩකයො හදාගන්න.එතකොට කොතැන හිටියත් සැබෑ දක්ෂයා මතු වෙයි.

බංගලාදේශයට එහෙම වැඩ පිළිවෙලක් තියෙනවද?

පැහැදිළිවම ඔව්.යූත් ප්‍රිමියර් එක තියෙන්නෙ මීටර් 70 ක විතර බවුන්ඩ්රි ලයින් එකක් තියා ගෙන.ඊට මෙහා තරඟත් මීටර් 65 ක අනිවාර්ය කරලා තියෙනවා.ඒ නිසා ප්‍රහාරයන් පමණක් නෙමෙයි පන්දු රැකීමේදි පවා ක්‍රීඩකයාට ජාත්‍යන්තර මට්ටමෙන් හැසිරෙන්න අවශ්‍යය ශක්තිය පෙන්නන්නම වෙනවා.මේක හොඳ වැඩ පිළිවෙලක්.අවුරුදු 19 න් පහළ ඉහළ දක්ෂයෙක් කියන්නෙ ජාතික කණ්ඩායමට එන්න පුළුවන් මට්ටමේ ක්‍රීඩකයෙක්.අර්ජුන රණතුංග වුණත් පාසල් ක්‍රීඩකයෙක් විදිහට තමයි ක්‍රීඩා කළේ.මහේල වුණත් එහෙමයි.ලංකාවෙන්ම මෙහෙම උදාහරණ ගන්න පුළුවන්.

ඒ නිසා ජාතික කණ්ඩායමට සුදුසු දක්ෂයන් සොයා ගන්න පාසල් ක්‍රීඩාවේ දක්ෂයන්ට ජාතික කණ්ඩායමකට ක්‍රීඩා කරන්න වෙන පරිසරයෙ ක්‍රීඩා කරන්න අවශ්‍යය වට පිටාව එක්ක ක්‍රීඩා කරන්න අවශ්‍යය පහසුකම හදල දෙන්න ඕනි.

ක්‍රීඩකයෙක් විදිහට ඔබට ජාතික කණ්ඩායමේ අවස්ථාව නොලැබීම ගැන මාධ්‍යවේදීන් හැටියට අපි නිතර කතා කළා.අදත් අපි නවීඩ් නවාස්ව දකින්නෙ අවස්ථාව දක්ෂතාවයේ ප්‍රමානයට නොලැබුණු ක්‍රීඩකයෙක් හැටියට.ඔබ හිතන්නෙ මොනවද මේ ගැන?

මාත් හිතනවා මට ඊට වඩා අවස්ථාවක් ලැබෙන්න තිබුණා කියලා.හැබැයි මං තව විදිහකට තේරුම් ගන්නවා මං ක්‍රීඩා කරන කාලෙ කණ්ඩායමේ හිටිය ක්‍රීඩකයො අති විශිෂ්ඨයි කියන එකත්.අර්ජුන,අරවින්ද,හෂාන්,රොෂාන්,ගුරුසිංහ,සනත් මේ නම් ඇතුළෙ තරුණ ක්‍රීඩකයෙක්ට එන්න අමාරුයි.ඒ නිසාම මං වැඩි පුර මහන්සි වුණා.හැම මිස් එකක්ම අත්දැකීමක් හැටියට අරගෙන මං දෙයක් ඉගෙන ගත්තා.ඒ නිසා මගෙ ක්‍රිකට් ගැන රට කතා කළා.මාධ්‍ය මා වෙනුවෙන් කතා කළා.මං මුලින් කිව්ව විදිහටම මං අත්දැකීම් ඉගෙන ගැනීමේ මාධ්‍යයක් කර ගත්තු නිසා මං අවධානයට ලක් වුණ ක්‍රීඩකයෙක් වුණා.ඒක නිසාම මට පුහුණුකරුවෙක් හැටියට ලොකු දැණුමක් එක්ක වැඩ කරන්න පුළුවන් වුණා.

ඒ හැම දෙයක්ම මං අත අරින්නෙ නැතුව ඉගෙනගන්න යොදා ගත්ත හින්ද මං අද ලෝකයේ අවධානය යොමු වෙන ක්‍රිකට් පුහුණුකරුවෙක් වෙලා ඉන්නවා.අවුරුදු 19 න් පහළ ලෝක සූරයො පුහුණුකරේ මං කියන එක ගැන නිහතමානි ආඩම්බරයක් තියෙනවා.ඒත් ඒ අවස්ථාව දක්වා මං පසුකළ සතුටු වෙන්න පුළුවන් දක්ෂතා ගැන විතරක් නෙමෙයි,පසුතැවීම්,මඟහැරීම්,දුක හිතුණ තැන් ඒ හැම අත්දැකීමක්ම මං සාර්ථක වෙන්න යොදා ගත්තා.අත අරිනනෙ නැතිව ඉන්න මට පුළුවන් වුණේ ඒ අත්දැකීම් එක්ක මං මගේ තියෙන අඩුපාඩු හදා ගන්නයි.හොඳ දේවල් තවත් හොඳ කර ගන්නයි මහන්සි වෙචචි නිසා.

මාත් එක්ක පුහුණුවෙන හැම කෙනෙක්ටම මං මේ පාඩම කියා දෙනවා.මගෙ දරුවන්ටත් කියා දෙනවා.මං හිතන්නෙ මං සාර්ථක මනුස්සෙක් විදිහට ලෝකය දකින්නෙ මං ම මාව ඉගෙන ගන්න කැප කරපු කාලය යි.

This image has an empty alt attribute; its file name is image.png

Recommended For You

About the Author: Editor