
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිවුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් අට දෙනකු මියගොස් තවත් 14 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
මෙය සිදුව ඇත්තේ අප්‍රේල් 12 බ්‍රිගේඩයේ මූලස්ථානය අසළයි.
සෝමාලියාව කලක පටන් ඉස්ලාමීය අන්තවාදී අල් ෂබාබ් සංවිධානය හා සටන් වදිනවා. මෑත කාලයේදී රජයේ හමුදා අල් ෂබාබ් වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කොට තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා ද හමුදා විසින් අල් ෂබාබ් සාමාජිකයන් සයදෙනකු හමුදා මෙහෙයුමකදී ඝාතනය කළා.