
ලෙබනනයේ බීරූට් නගරයේ පසුගිය 4 වනදා සිවුවූ දැවැන්ත පිපිරීමෙන් හානි වූ එහි වරාය ගොඩනැගීමට තුර්කිය සහය දීමට සූදානම් බව තුර්කි උප ජනාධිපති ෆුවාට් ඔක්ටේ පවසනවා.
මෙම පිපිරීමට හේතු වූයේ නිසි පරිදි ගබඩා කර නොතිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් බවයි විශ්වාස කෙරෙන්නේ.
මෙම පිපිරීමෙන් 150 දෙනකු පමණ මියගොස් තවත් 5000 ක් පමණ තුවාල ලැබුවා.