
ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑම් කිරීම කෙරෙහි රුසියාව, චීනය සහ ඉරානය යන රටවල් තුනම කටයුතු කරන බව ඇමරිකානු ජාතික ප්‍රතිබුද්ධි කටයුතු ආරක්ෂක මධ්‍යස්ථානයේ (National Counterintelligence Security Center) අධ්යක්ෂ විලියම් එවානිනා පවසනවා.
ඔහු කියා සිටින්නේ රුසියාව ඩිමොක්රටික් අපේක්ෂක බයිඩන්ව පහළ හෙළන ගමන් ජනාධිපති ට්‍රම්ප්ව සමාජ මාධ්‍ය ඉස්සේ උලුප්පා දැක්වීමට විවිධ උත්සාහයන් ගනිද්දී, චීනය හා ඉරානය ජනාධිපති ට්‍රම්ප් පරාජය කිරීමට වෙහෙස වෙන බවයි.
චීනයට එරෙහිව ගන්නා වැඩි පියවර සහ නිතර වෙනස්වනසුළු ප්‍රකාශයන් හා ප්‍රතිපත්ති හේතුවෙන් ට්‍රම්ප් පරාජය වනු දැකීම චීන අභිලාෂය වන බවට එවානිනා වැඩි දුරටත් අදහස් දක්වනවා. එමෙන්ම ඉරානය ඇමරිකාව පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවත් පතුරවමින් මැතිවරණය කෙරෙහි විශ්වාසය පළුදු කිරීමට උත්සාහ කරන්නේය යයි එවානිනා කියා සිටිනවා.