
පොළාන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබමින් සහ දිස්ත්‍රික්කයක් තුළ ජයගත් පක්ෂය වෙනුවෙන් වැඩිම මනාප ප්‍රතිශතය සටහන් කරමින් ජයගත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ජයග්‍රහණයට දායක වූ ඡන්දදායකයන් අමතමින් පැවසුවේ ගුත්තිල ජයගත් නිසා පොළොන්නරුවේ පශ්චාත් මැතිවරණ ක්‍රියාවලිය අවිහිංසාවාදී ආකාරයට ගලා ගිය බවත්,මූසිල ජය ගත්තේනම් හිංසාකාරී විමට තිබූ බවත්ය.
පොළොන්නරුව සුදු අරලිය හෝටලයේ පැවති සිය ඡන්ද දායකයන් හමුවීමේ රැළිය අමතමින්, මේ මැතිවරණය පොළොන්නරුවේ ඡන්ද සටනේදී තමාට විශාල අභියෝග නිර්මාණය කළ මැතිවරණයක් වූ බවත්,ජනතාව ඒ පරිසරය තුළ තමන් අත නොහැර රැදී සිටිමින් ලබා දුන් ශක්තියට බෙහෙවින්ම ගෞරව කරන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ තමන් කළ සුවිශාල සංවර්ධන ක්‍රියාවලියට ජනතාව දැක් වූ කෘතවේදීත්වය අගය කරන බව පැවසූ මෛත්‍රීපාල සිරිසේනයන්,තමන්ව දිස්ත්‍රික්කයේ පළමු තැනට ගෙන එමින් මූසිලයන් ප්‍රතික්ෂේප කළ නිසා පශ්චාත් මැතිවරණ සමය සාමකාමී,අවිහිංසාවාදී සාමය රැකෙන ආකාරයෙන් ගෙවෙන බවත්,ඒ පොළොන්නරුව ජනතාව බුද්ධිමත් ලෙස ගුත්තිල ජයග්‍රහණය කර වූ නිසා බවත් පෙන්වා දුන්නේය.