
මැතිවරණයේ අවසන් ප්‍රතිපලය නිකුත් වී දින හතක් යන තුරු පෙළපාලි යාම කළ නොහැකි බව ශ්‍රී ලංකා පොලීසිය ිවේදනයක් නිකුත් කර තිබෙනවා.නීතියෙන් තහනම් කර ඇති මෙවැනි පෙළපාලි සහ වෙනත් ආකාරයෙන් පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන සාමය බිද වැටීම් නවතා ආරක්ෂාව ලබා දීම වෙනුවෙන් පොලිසියට අමතරව විශේෂ කාර්ය බලකාය ද යොදා තිබෙන බව පොලිස් නීති කොට්ඨාශ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.