පැරදුණු අයට ජාතික ලැයිස්තුවෙන් ඉඩ නැහැ – සජිත් ප්‍රේමදාස

මැතිවරණයට පෙර පැවසූ පරිදිම මැතිවරණයට පසුවත් එම ප්‍රතිපත්ති මත සිටම වැඩ කරන බව කී සමඟ ජන බලවේගයේ මැතිවරණ සටනේ පසුබෑමට ලක්වූ කිසිවෙකුට පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබානොදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේය.


“වටකරලා ගල් ගහද්දී අපට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. මේක තමා මේ රටේ එකම දේශපාලන විකල්පය..මේ බලවේගය තමයි ඉදිරියේ දී රටේ වගකීම භාරගන්න ජනතා බලවේගය..” යනුවෙන් තව දුරටත් එහිදි අදහස් දැක් වූ සමඟ ජන බලවේගයේ නායකයා ප්‍රාදේශිය මට්ටමේ සියල එජාප නායකයන්ට සමඟ ජන බලවේගය සමඟ අත්වැල් බැඳ ගන්නට ආරාධනා කළේය.

Recommended For You

About the Author: Editor