
සේ වන විට සිදුවෙමින් පවතින සාකච්ඡාවලට අනුව, නව රජය මඟින් පත් කරන කැබිනට් මණ්ඩලය විසි හය දෙනෙකුට සීමා කරන බව ද,එම අමාක්‍ය මණ්ඩලය මහනුවර මඟුල් මඬුවේදී අගොස්තු 14 දා දිව්රුම් දෙනු ඇති බව ද රජයේ අභයන්තර ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙයි.අගෝස්තු 14 වන දින තෙක් කැබිනට් මණඩලයේ ප්‍රමාදය සිඳුවන්නේ නවවන පාර්ලිමේන්තුව සඳහා මහජන ඡන්දයෙන් සහ එය පදනම් කරගෙන ජාතික ලැයිස්තු හරහා පත්වෙන මංත්‍රින් සම්බන්ධයෙන් නිකුත් කරන ගැසට් නිවේදනය නිකුත් වෙන තෙක් එම පත් කිරීම සිදු කළ නොහැකි බැවින්ය
කැබිනට් මණ්ඩල ප්‍රධානියා වන අග්‍රමාත්‍ය ධූරය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදි මහින්ද රාජපක්ෂ දිව්රුම් දීමට නියමිත අතර හෙතෙම හෙට පෙරවරු 8.30 ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ඉදිරියේ දිව්රුම් දීමට නියමිතව ඇත්තේ කැළණිය රජමහා විහාරයේදීය