පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පත් කරන්න එපා – කැෆේ ඉල්ලයි

මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බව කැ‌ෆේ සංවිධානය කියයි. එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කලේ එලෙස ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අය ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම ජනවරමට පිටුපෑමක් බවයි.

පැවති මහ මැතිවරණයේදී ජනතාවගේ බහුතර මනාපයෙන් පිරිසක් පත්කරගෙන ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල ප්‍රබල අපේක්ෂකයින් පරාජයට පත් කොට තිබේ. මෙයින් පැහැදිලි  වන්නේ එම පුද්ගලයින් කෙරෙහි ඇති ජනතා අකමැත්ත බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවට නුසුදුසු යැයි ජනතාව විසින් ඉවත් කල පුද්ගලයින්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව ලබාදීම මෙරට  දේශපාලන තුළ දක්නට ලැබෙන  නොමනා සම්ප්‍රදායක් බව ඒ මහතා පෙන්වා දෙයි. එය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බව ද ඒ මහතා පවසයි.

ජනවරම ලබාදුන් අපේක්ෂකයින් අතරට ජනතාවගේ නොමනාපයට ලක්වූ අපේක්ෂකයින්  යළි  ජාතික ලැයිස්තුවෙන් පත් කරන දේශපාලන පක්ෂ හා නායකයින්  ජනතා අප්‍රසාදයට ලක්වනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

 (මේ සම්බන්ධයෙන් මනාස් මකීන් මහතාගේ හඩපටය සහ ඡායාරූප මේ සමඟ අමුණා ඇත)

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2020/8/7

Recommended For You

About the Author: Editor