
ඊයේ රාත්‍රියේ ලෙබනනයේ බීරූට් නගරයේ සිදුවූ උද්ඝෝෂණ අතරවාරයේ විරෝධතාකරුවන් එරට විදේශ අමාත්‍යංශය ඇතුළු රජයේ ගොඩනැගිලි කිහිපයක් වෙත කඩා වැදුණා.
ලෙබනනයේ අගෝස්තු 4 වනදා සිදුවූ දරුණු පිපිරීම පිළිබඳ එරට දේශපාලන නායකත්වය වෙත විරෝධය දැක්වීම සඳහා ඇරඹුණ උද්ඝෝෂණ අතරතුර මෙසේ විරෝධතාකරුවන් විදේශ අමාත්‍යංශය අල්ලාගන තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් සියයකට වඩා වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ලෙබනන අගමැතිවරයා මේ අතර නිවේදනය කර ඇත්තේ නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් තමන් ඉදිරිපත් කරන බවයි.
ලෙබනනයේ අගෝස්තු 4 වනවා සිදුවූ පිපිරීමට හේතුව අනාරක්ෂිත ලෙස ගබඩා කරන ලද ටොන් 2750 ක ඇමෝනියම් නයිට්‍රේට් තොගයක් බව හෙළි වූ අතර ඒ පිළිබඳ පොදුවේ එරට දේශපාලන නායකත්වය වෙත දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල වනවා.