ලොකුම පාපන්දු සල්ලි මල්ලට තරඟ වැදීම අද A කාණ්ඩයෙන් අරඹයි

ප්‍රේක්ෂයන්ට හිමි නැති තරඟාවලිය ගෙදර සිට නරඹන්නට වරම්

ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් පවත්වන දේශිය පාපන්දු තරඟාවලිය වන 2020 සභාපති කුසලාන පාපන්දු තරඟාවලිය අරඹමින් අද (අගෝස්තු (09)  පස්වරු 3.30 ට මෙම තරඟාවලියට ඒ කාණ්ඩයෙන් තරඟ වදින බ්ලූ ස්ටාර් සහ මොරගස්මුල්ල කණ්ඩායම් සුගතදාස පිටියේදී ත්,අප් කන්ට්‍රි සහ ජාවාලේන් කණ්ඩායම් තුරඟ තරඟ පිටියේදීත් සිය දක්ෂතා උරගා බලන්නට සූදානමින් සිටිති.

ප්‍රේක්ෂකයන්ට සෞඛය හේතු මත නරඹිමට අවස්ථාව නැති මෙම තරඟාවලිය නිවසේ සිට නැරඹීමට හැකි වන පරිදි https://www.youtube.com/c/SriLankaFootballTV හරහා පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පහසුකම් සපයා ඇත.එම පහසුකම අප වෙබ් අඩවියෙන් ද ලබා ගැනීමට හැකි පරිදි අවකාශ සළසා ඇති අතර පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට තරඟ නැඹීම සඳහා lankafastnews.com සමඟ එක් වන ලෙස ඇරයුම් කරමු.

අද පස්වරු 6.30 ට සුගතදාස පිටියේ තරඟ වදින්නේ රිනවුන් සහ නිව් ස්ටාර් කණ්ඩායම වන අතර මාතර සිටි සහ නිව් යන්ගස් කණ්ඩායම් තුරග තරඟ පිටියේදී එම වේලාවටම සටනට පිවිසෙනු ඇත.

තරඟාවලියේ ඉදිරි කාල සටහන මේ සමඟ දක්වා ඇත.

Recommended For You

About the Author: Editor