
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මිනීමැරුම් චෝදනාවකට වරදකරු කරන ලද පුද්ගලයෙක්ට පාර්ලිමේන්තුවේ මංත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දීම කළ නොහැකි බව ප්‍රකාශ කළ ද,මැතිවරණ කොමිසම මඟින් ඊයේ නිකුත් කරන්නට යෙදුණ ගැසට් පත්‍රයේ මිනිමැරුම් චෝදනාවකට වරදකරු බවට තීරණය කරන ලද ප්‍රේමලාල් ජයසේකරගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ මංත්‍රීවරයෙක් ලෙස ඇතුළත් කර ඇත.
මේ සම්බන්ධයෙන් නීති කේෂ්ත්‍රයේ අදහස් දෙකක් ක්‍රියාත්මක වන දකින්නට ඇත.පිරිසක් ප්‍රේමලාල් ජයසේකරට මංත්‍රී ධූරයේ දිව්රුම් දිමට නීත්‍යාණුකූලව අයිතිය හිමි බව පෙන්වා දෙන අතර තවත් පිරිසක් පෙන්වා දෙන්නේ ඔහුට නීතීයෙන් එවැනි ප්‍රතිපාදන නැති බවය.
මීට වඩා වෙනස් මතයක් දරන තවත් පිරිස් කිහිපයක්ද අප කළ විමසීම්වලදී දන්වා සිටියේ මැතිවරණ කොමිසම මඟාන් නම් කරන ලද මංත්‍රිවරයෙක්ට පාර්ලිමේන්තුවේ දිවිරුම් දීම වැළක්වීමට පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායකට ඇති හැකියාව ප්‍රශ්නකාරී බවය.ඒ පිරිස් පෙන්වා දෙන්නේ කොමිසම විසින් ගැසට් පත්‍රයට නම අතුළත් කර ඇත්නම් එය වැළක්විය හැක්කේ අධිකරණයෙන් ලබා ගන්නා රිට් ආඥාවකින් පමණක් බවය.
පහත දැක්වෙන්නේ ගැස්ට් පත්‍රයේ සඳහන් නවවන පාර්ලිමේන්තුවට සුදුසුකම් ලද මංත්‍රීවරුන්ගේ නාම ලේඛණයය.







