
කන්කසන්තුරය සිට කොළඹ බලා එමින් තිබූ දුම්රියේ ගැටී මියගිය අලියා දුම්රිය තුල සිර වී සිටි බවත්,පසුව එහි පැමිණි වව්නියාව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් අලියාගේ සිරුර පිටට ගැනීමට කටයුතු කළ බවත් වාර්තා වෙනවා.
දුම්රිය පීලිපැනීම නිසා එම මාර්ගයේ ධුම්රිය ධාවනය ඇන හිටි තිබෙන බවත්,අලියාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරී බී ගිරිදරන් විසින් සිදු කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.
අද උදෑසන (අගෝස්තු 09) 5.30 ට පමණ කනගරායන්කුලම 288 වන කිලෝ මීටර් කණුව අසළදී අලියෙක් වැදීමෙන් පීලී පැන්න දුම්රියේ ගමන් කළ කිසිවෙකුට හානි සිදු වී නැති බව දුම්රිය පාළක මැදිරිය පවසනවා.