දෙකට සිටි තමා හතර කළ බව ශශිකලා කියයි


යාපනය ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයේ සිය නියෝජිතයන් මෙන්ම අන් වගකිව යුතු අයද මනාප ඡන්ද ගණන් කර අවසානයේ තමා දෙවන තැන සිටි බව සහතික කර තිබියදී අවසාන ප්‍රතිපලය නිකුත් කිරීමේදි සිව්වන තැනට පත් කිරීම වංචනික ක්‍රියාවක් බව ශශිකලා රවිරාජ් පවසයි.


ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් තරඟ වැදුණු ශශිකලා රවිරාජ්,පෙන්වා දෙන්නේ හටපු පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් ප්‍රතිපල නිකුත් කරන ස්ථානයට පැමිණීමෙන් මෙසේ ප්‍රතිපලය විකෘති වි තමාට අසාධාරණයක් වූ බවයි.


සත්‍ය ප්‍රතිපලය අනුව පරාජය වී සිටි හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරයා එස්ටීඑෆ් භටයන් සමඟ පැමිණ ප්‍රතිපල නිකුත් කරන ස්ථානයට යාම සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල නොසන්සුන්තාවයක් හට ගත් බවත්,නමුත් ඔහු නිලධාරීන් සමඟ විශාල වේලාවක් සාක්චීඡා කිරිමෙන් පසු මේ විකෘති කරන ලද ප්‍රතිපලය නිකුත් වූ බවත්ය.තමන්ද එම ස්ථානයට යාමට උත්සාහ කළ ද ඊට අවස්ථාවක් තමාට ලබා නොඳුන් බවද ශශිකලා රවිරාජ් පැවසුවාය.

Recommended For You

About the Author: Editor