ගලබොඩඅත්තේ හිමිට පාර්ලිමේන්තුවට වැඩම කිරීමට අවසර

අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා එම පක්ෂය විසින් තමන්ට හිමි වී ඇති පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු අසුන සඳහා ගලබොඩඅත්තේ ඥාණසාර හිමි පත් කිරීමට තීරණය කළ බව පැවසුවා.


අපේ ජනබල පක්ෂය 2020 මහ මැතිවරණයට ඉදිරිපත් වුව ද,කිසිඳු දිස්ත්‍රික්කයකින් අසුනක් දිනා ගැනීමට අපොහොසත් වුණා.නමුත් දිවයිනේ සමස්ත ප්‍රතිපලයට අනුව ඔවුන් ලබා ගත් මුළු ඡන්ද ප්‍රමානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කවුරුත් පත් කරන්නේද යන්න තීරණය කිරීමට අද එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස වුණා.සමන් පෙරේරා පෙන්වා දුන්නේ එහිදී එම මන්ත්‍රී ධූරයට ඥානසාර හිමියන් පත් කිරීමට තීරණය කළ බවයි…

Recommended For You

About the Author: Editor