
ජර්මනියෙන් ඉවත් කළ හමුදාවෙන් කොටසක් රුසියාව අසළ රටවල රඳවා තබන්නේ රුසියාව දෙසින් එන තර්ජන වැළැක්වීමට බව ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් කියනවා.
ජර්මනියෙන් සෙබළුන් 12,000 ක් ඉවත් කරගනු ලබන අතර ඉන් 6,400 ක් නැවත ඇමරිකාවට යාමට නියමිතයි. අනෙක් 5,600 ක් දෙනා පෝලන්තයේ හා බෝල්ටික් රටවල රඳවනු ලබනවා.
මේ අතර එස්පර් පවසන්නේ ජර්මනියේ ද තවදුරටත් 24,000 ක සෙබළ පිරිසක් රැඳී සිටින හෙයින් ඇමරිකන් හමුදා කොටසක් ඉවත් කරගැනීම පිළිබඳ කලබල නොවිය යුතු බව ඔවුන් කියනවා.
තවද, ආරක්ෂක ලේකම්වරයා යළිදු අවධාරණය කරන්නේ නේටෝ සංවිධානයේ ආරක්ෂක වියදම් සඳහා ජර්මනිය එරටින් අපේක්ෂා කරන වියදම දැරීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බවයි.