ක්‍රීඩා තරු වෙලට බසියි

ප්‍රවීන යතුරු පැදි ධාවක ගයාන් සඳරුවන් ඇතුළු කණ්ඩායමක මෙහෙයවීමෙන් කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රාජසිංහගම පුරන් කුඹුරු අක්කර 37 ක් අස්වැද්දීමේ සමාජ සත්කාර්යය ජූලි 29 දා  ඇරඹිණ.

ඒ සඳහා දායකවන ගොවි මහතුන් දිරි ගැන්වීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න,සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි ද එක් වී සිටියහ.

ගයාන් සඳරුවන් සමඟ මෙම සද් කාර්යය පුරාම රැදී සිටින ඇන්සෙන් ඇග්‍රෝ අධිපති ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මෙන්ම ගායන් ශීල්පීන් වන රෙඩ් රාජ්,කසුන් චාමිකර ද එම අවස්ථාවට එක් වූහ.

Recommended For You

About the Author: Editor