රාජිත සහ රුමී 28 දා අධිකරණයට

සුදුවෑන් වලින් මිනිසුන් පැහැර ගත් බවට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමට සහ ඊට අනුබල දීමට එරෙහිව පවරා ඇති නඩුව වෙනුවෙන් අගොස්තු 28 දා අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සෙනවිරත්නට සහ මොහොමඩ් රුමී ට දැණුම් දී ඇත.
සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගත් බවට සහ එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ රත්රන් ගැන සඳහන් කරමින් 2019 නොවැම්බර් 10 වන දින කොළඹදී පැවති මාධ්‍ය හමුවට අදාළව සිදු කෙරෙන පරීකෂණ සඳහා ගොනු කර තිබෙන අධි චෝදනා යටතේ මෙම දෙදෙනාට අධිකරණයේ පෙනි සිටින ලෙස නියෝග ලබා දි ඇත.

Recommended For You

About the Author: Editor