
මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලු මන්ත්රීවරුන්ට සිය වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
ඒ අනුව තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශ දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත කඩිනමින් භාර දීමට කටයුතු කරන මෙන් මැතිවරණ කොමිසම සියලු මන්ත්රීවරුන්ට දන්වා ඇත.කෙසෙස් නමුත් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ මේ වන විටත් මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්රීවරුන් බොහෝ පිරිසක් සිය වත්කම් බැරකම් ප්රකාශ ලබාදී ඇති බවය.