අනාරක්ෂිත දුම්රිය මඟ සංචාරක රියැදුරුගේ ජීවිතය ඩැහැ ගනියි

වැලිගම, පැලෑන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී ඊයේ (09) සවස 4.20ට පමණ බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වු දුම්රියක මොටර් රථයක් ගැටීමෙන් දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ,පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නියුතු 35 හැවිරිදි එක් දරු පියෙකි
තමන් විසින් නුගේගොඩ ප්‍රදේශයේ සිට රැගෙන ආ පිරිසක් එම සංචාරක හෝටලය වෙත බස්සවා යළි එම පිරිස කොළඹ බලා රැගෙන ඒමට රථ ගාලේ සිට වාහනය රැගෙන එන අතරමඟ දී ඔහු මෙම අනතුරට මුහුණ දි තිබේ.
මෙම දුම්රිය හරස් මාර්ගයේ සේවය නියුතු පුද්ගලයා ඊයේ සේවයට පැමිණි නැති අතර, හරස් මාර්ගයේ විදුලි සංඥා දැල් වී නැතැයි ද ප්‍රදේශවාසීන් පවසයි.
දුම්රියේ ගැටී මීටර 100ක පමණ දුරක් ඉදිරියට ඇඳී ගිය මෝටර් රථය මාර්ගයෙන් ඉවතට විසි වී කණුවක ගැටී නතර වූ මෝටර් රථයෙන් රියදුරු ඉවතට ගැනීම සඳහා ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දරා ඇත.නමුත් ඔහු මාතර රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

Recommended For You

About the Author: Editor