
රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු පක්ෂය තමන්ට භාර දෙන්නේනම් ඒ සඳඑා සූදානම් බව හිටපු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
රූපවාහිණි වැඩ සටහනකට එක්වෙමින් වජිර අබේවර්ධන පැවසුවේ ඉකුත් අගොස්තු 07 වන දින රනිල් වික්‍රමසිංහයන් එජාප නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව පැවසූ බවය.මෙහිදී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයට සිදුවීමට ඇති සියල්ල සිදු වී ඇති බවත් තවත් වන්නට දෙයක් ඉතුරු වී නැති බවත් ය.
ජාතික ලැයිස්තු මංන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අදහස් දැක් වූ වජිර අබේවර්ධන ඒ සඳහා පරාජයට පත් වුවෙක් පත් නොකර රජය සහ පක්ෂය අතර සම්බන්ධීකරණයක් සිදු කළ හැකි අයෙක් පත් කළ යුතු බව කීවේය.
ඔහු තව දුරටත් අනාවරණය කළේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට එකඟතාවය පළ කර තිබෙන මොහොතේ ඊ ළඟ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ සියලු දෙනා එක් ව සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවය.