කොවිඩ් අස්සේ අල්ලස් කොමිසමෙන් 27 ක් කොටු කර ගනියි

කොවිඩ් 19 වසංගතය නිසා රටම අකර්මන්‍ය වී තිබුණද අල්ලස් එම කාලයද ඇතුළත්ව ජනවාරි 20 වන දින සිට ජූලි මස 28 දින දක්වා තුළ අල්ලස් කොමිසම මඟින් පුද්ගලයන් 27 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. ඒ සිදුවීම් 18 ට සම්බන්ධවය.
පළමුවරට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ධූරයට කාන්තාවක පත් වී සිටින අතර ඇය මේ මෙහෙයුම් පිටුපස දරණ වෙහෙස සහ සෘජු භාවය ද මෙවැනි වැටලිම් සඳහා විශාල පිටුවහලක් වී ඇත. කොමිසමේ වාර්තාවලට අනුව ඉකුත් වසරේ ජනවාරි පළමු දින සිට 2019 ජූලි මස 27 සිදුවීම් 24 ට අදාළව අත් අඩංගුවට ගැනීම් සිදු ව ඇතත් එය රට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව තිබීයදී සිදු වූ ඒවා බවය.
කෙසේ නමුත් රට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවන තත්ත්වයක සිදු වූ අත් අඩංගුවට ගැනීම සඳහා සිදුවීම් 18 ක් ඇති වීම රට ගැන කණගාටුවට කරුණකි.ඒ නිසා විමර්ශන නිලධාරීන් ප්‍රමානාත්මකව වැඩි කරමින් වර්ථමාන අධ්‍යක්ෂවරියගේ මෙහෙයවම් තව දුරටත් ශක්තිමත් කිරිමට කටයුතු කරන්නේ නම් වැටලීම් ප්‍රමානය අඩු කිරීමට සහ වැටලිමට අදාළ සිදුවීම් සමාජයේ අඩු කිරීමටද හැකියාව තිබේ.


සිදුවීම් 18 සම්බන්ධයෙන් මේ අත් අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් බහුතරයක් පොලිස් නිලධාරීන්ය.ඒ අතර වැඩිම පිරිසක් සැරයන් තනතුර හොබවන්නන්ය.ප්‍රමානය හතරකි.පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙක්ද මේ ආකාරයට අත් අඩංගුවට පත්ව අති අතර උප පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක්ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අත් අඩංගුවට පත්ව ඇත.
විදුහල්පතිවරයෙක්,ප්‍රාදේශිය ලේකම්වරයෙක් සහ සැළසුම් අධ්‍යක්ෂවරයෙක් ද මේ අත් අඩංගුවට ගත් පිරිස අතර දකින්නට ඇත.ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමණාකාර සේවයට අයත් නිලධාරියෙක් සහ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ රාජකාරියේ යෙදෙන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක්ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අත් අඩංගුවට පත් වූ අය අතර වෙයි.සුළු සේවා පාලකවරයෙක් අත් අඩංගුවට පත් වෙන්නේ සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධවය.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන කේෂ්ත්‍ර සහකාර වරයෙක්ද,මොටර් රඛ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරියෙක්ද අත් අඩංගුවට පත් වන අතර මෑතකදී අත් අඩංගුවට පත් වූ ග්‍රාමසේවා නිලදාරිනියකද මේ අතරට එක් වේ.


මීට අමතරව මාර්ගස්ථ මාර්ග ප්‍රවාහන අධිකාරියට අයත් ධාවන සටහන් කරුවෙක් මෙන්ම සාමාන්‍ය සිවිල් පුරවැසියන් පස් දෙනෙකුද මේ වසරේ ජනවාරි පළමු දින සිට ජූලි 27 වන දින දක්වා අත් අඩංගුවට ගෙන ඇත.
මුදල් වශයෙන්,ලිංගික වශයෙන් සහ වෙනත් තුටු පඬුරු ලබා ගැනීම්,ඉල්ලීම් සහ එවැනි දේ ට විවිධාකාරයෙන් සම්බන්ධවීම මෙන්ම අනුබල දීමද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පනත යටතේ අත් අඩංගුවට ගැනීමට හැකි සහ දඬුවම් ලබා දිය හැකි වරදක් ලෙස සැළකේ.
රට අකර්මන්‍යව තිබෙන මොහොතක මෙතරම් පිරිසක් අත් අඩංගුවට පත් විමෙන් පෙනී යන්නේ ලංකාව ඒ දෙසට කෙතරම් නැඹුරුව ඇද්ද යන්නය.ඒ නිසා ප්‍රමානාත්මකව එය ඉහළ අගයක් ගැනීම සමාජයක් ලෙස සතුටු විය නොහැකිය.නමුත් මෙතරම් ව්‍යාප්තව තිබෙන උවදුරක් නැති කිරීම වෙනුවෙන් අත් අඩංගුවට ගැනිම මෙන්ම එම වරද සහ වරදට දායක වීම ගැන සමාජය මීට වඩා දැනුවත් කිරිම අත්‍යවශ්‍යය කරුණක්ය.මේ මොහොතේ ඒ සඳහා සාර්ථක ප්‍රවේශයක් ඇති කර තිබීම සතුටට කරුණක් වන අතර ඉදිරියේදී වඩාත් කාර්යක්ෂමව සහ ප්‍රතිපලදායක සේවයක් සැළසීමට අවශ්‍යය වටපිටාව නිර්මාණය කර දීම සඳහා වැඩි විමර්ශන නිලධාරීන් යොදවමින් සහ සමාජය දැනුවත් කිරීමේ ක්‍රියාවලියකට වර්ථමාන විමර්ශන අධ්‍යක්ෂවරියට පහසුකම් සැපයීම් බලධාරීන්ගේ වගකිම සහ යුතුකම බව අපි විශ්වාස කරන්නෙමු.

Recommended For You

About the Author: Editor