
ලෙබනන උද්ඝෝෂණ අතරතුර ඊයේ ද විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් ඇතිවුණා. මේ අතරවාරයේ එරට පාර්ලිමේන්තුව අසළ ප්‍රදේශයක ගින්නක් ද වාර්තා වුණා.
රජයට එරෙහිව පසුගිය දිනවල ඇතිවූ උද්ඝෝෂණ අතරතුර එරට ප්‍රවෘත්ති ඇමතිවරිය ඊයේ ඉල්ලා අස්වුණා. මේ අතර නව මැතිවරණයක් පැවැත්වීම සඳහා නුදුරේදීම කටයුතු කරන බව එරට අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.