සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (අගොස්තු 09) සුගතදාස පටියේ සහ තුරඟ තරඟ පිටියේ පැවති තරඟවලදී සුගතදාස ක්‍රීඩාංගණයට පෑයූ තරු නම් සහිත කණ්ඩායම්වලට පමණක් ජයග්‍රහණය සීමා වීම විශේෂිත සිදුවීමක් විය.ඒ අනුව බ්ලූස්ටාර් කණ්ඩායම මොරගස්මුල්ල කන්ඩායම පරාජය කරමින්3-2 ලෙස ද,නිව් ස්ටාර් කණ්ඩායම රිනවුන් කණ්ඩායම පරදවා 1-0 ලෙස ද ජය වාර්තා කිරීමට සමත් විය.
ජාවාලේන් සහ අප් කන්ට්‍රි කන්ඩායම් අතර තරඟය 3-3 ක් ආකාරයට ලකුණු සම තරගයක් විය.නිව් යන්ගස් සහ මාතර සිටි අතර තරඟය නිමා වුයේ ද 1-1 ආකාරයට ය.
තරඟයේ පළමු දිනයේ අවධානය දිනා ගත් ප්‍රහාරකයන් බවට පත් වුයේ බ්ලූ ස්ටර් කණ්ඩායම නියෝජනය කරන විදෙස් ක්‍රීඩක අයි.සී.උවන්කා සහ ජාවාලේන් කණ්ඩායම නියෝජනය කරන මේකල පෙරේරා යි.ඔවුන් දෙදෙනා පිළිවෙලින් මොරගස්මුල්ල කණ්ඩායමට සහ අප් කන්ට්‍රි කණ්ඩායම්වලට එරෙහිව ගෝල් ද්විත්ව වාර්තා කරන්නට සමත් විය.
සුගතදාස ක්‍රීඩා පිටියේදි පැවති බ්ලූ ස්ටාර් සහ මොරගස්මුල්ල තරඟයේදී උවන්කාගේ ගෝල ද්විත්වයට අමතරව එම කණ්ඩායමේ ගෝල ප්‍රමානය 3 දක්වා ඉහළ නැංවීමට දායක වූ අනෙක් ක්‍රීඩකයාද විදෙස් ක්‍රීඩකයෙකි.හේ නමින් එඩිසන් ෆිගරාඩෝ විය.මොරගස්මුල්ල කණ්ඩායමේ ගෝලය වාර්තා කළේ ඒ.ජී.ඊ, ප්‍රසාද් ය.
තුරඟ තරඟ පිටියේ පැවති ජාවාලේන් සහ අප් කන්ට්‍රිඅතර තරඟයේදී ජාවාලේන් කණ්ඩායමේ මේක වාර්තා කළ ගෝල ද්විත්යට අමතරව එම කණ්ඩායමේ ලකුණු ප්‍රමානය 2 දක්වා ඉහළ දැමීමට දායක වූයේ එම්.ඒ.ඒ.ලතීෆ් ය.ප්‍රතිවාදී අප් කන්ට්‍රි කණ්ඩායම වාර්තා කළ ගෝල තුන එම්.ආර්.එම්.නසීර්,එච්.එන්.සම්පත් සහ එම කණ්ඩායම නියෝනය කරන විදෙස් ක්‍රීඩකයෙකු වන අයි.ඔලඩිමෙජි වාර්තා කළහ.
ඉහත තරඟ දෙක පස්වර් 3.30 එම ක්‍රීඩාංගණවලදී ඇරඹි අතර ඉතිරි තරඟ එම ක්‍රීඩාංගණවල ආරම්භ වූයේ පස්වරු 6.30 ය.එහිදී නැවතත් සුගතදාස පිටියේ පැවති තරඟය නිව් ස්ටාර් කණ්ඩායමට ජය හිමි කර දෙමින් අවසන් විය.පරාජිත රිනවුන් කණ්ඩායමට එරෙහිව වාර්තා වූ එකම ගෝලයේ හිමිකරු වූයේ වී.එම්.අනාස් ය.
තුරඟ තරග පිටියේ පැවති දෙපිලම ගෝල එක බැගින් වාර්තා කළ තරඟයේ දී මාතර සිටි පිලට එම ගෝලය බා දුන්නේ ආර්.බී.වීරප්පුලිය.නිව් යන්ග් කණ්ඩායම ලබා ගත් ගෝලයේ හිමිකරු වූයේ විදෙස් ක්‍රීඩක ඕ.ඔලවාලේ ය. ඡායාරූපයේ දැක්වෙන්නේ බ්ලූස්ටාර් කණ්ඩායම වෙනුවෙන් ගෝල ද්විත්වයක් වාර්තා කළ උවන්කා (නිල් පැහැති ඇඳුමෙන් සැරසී) වළක්වන්නට මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක් ගත් උත්සාහයකි.තරඟ නැරඹීම සඳහා පහත සබඳතාවයෙන් පිවිසිය හැකිය.https://www.youtube.com/c/SriLankaFootballTV වන එම සබඳතාවයට පිවිසීම සඳහා http://s.lankafastnews.com/ පහසුකම් සසා ඇත.තරඟ කාල සටහන පහත දැක්වේ.
