
කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා එහි ඇති සෞඛ්‍ය උපදේශනයන්ට අනුකූලව ආරම්භ කරන 2019 – 2020 පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.තරඟාවලිය ආරම්භ කරමින් අද කණ්ඩායම් අටක් තරග බිමට පිවිසීමට නියමිතය.
අද පැවත්වෙන තරගවලදී කටුනායකදී සීසීසී සහ රාගම ක්‍රීඩා සමාජයේ තරඟය පැවත්වෙන අතර කෝල්ට්ස් සහ සැරසන් ක්‍රීඩා සමාජ තරඟ වදින්නේ බොරැල්ල පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීය.යුද හමුදා කණ්ඩායම සහ එන්සීසී කණ්ඩායම් එස්එස්සී පිටියේ තරඟ වදින විට,සීසීසී ක්‍රීඩා පිටියේදී බීආර්සී කන්ඩායමට එරෙහිව චිලව් මේරියන්ස් කණ්ඩායම තරඟ වදියි.
මෙවර තරඟවලියේ මූලික වටය දින හතරේ සිට තුන දක්වා අඩු කර තිබෙන අතර පරාජිතයන් හෝ ජයග්‍රාහකයන් සම්බන්ධයෙන් උසස් කිරීමක් හෝ පහත වැටීමක් ද සිදු වන්නේ නැත.එම තීරණ මේ වසරේ තරගාවලියට පමණක් අදාළ වන ලෙස ක්‍රිකට් පරිපාලනය විසින් ගෙන ඇත්තේ කොවිඩ් 19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින්ය.
තරඟාවලියට අදාළ සම්පූර්ණ තරඟ කාල සටහන පහත දක්වා ඇත.
දිනය | සත්කාරක පිළ | ප්‍රතිවාදීන් | ක්‍රීඩාංගණය |
අගෝස්තු10-11-12 | සී.සී.සී | රාගම | කටුනායක |
කෝල්ට්ස් | සැරසන්ස් | පී.සරා | |
යුද හමුදාව | එන්. සී. සී. | එස්. එස්. සී. | |
බී.ආර්.සී. | හලාවත මේරියන්ස් | සී.සී.සී | |
අගෝස්තු 15-16-17 | සැරසන්ස් | සී.සී.සී. | එස්. එස්. සී. |
රාගම | කෝල්ට්ස් | සී.සී.සී. | |
හලාවත මේරියන්ස් | යුද හමුදාව | පී.සරා | |
එන්.සී.සී. | බී.ආර්.සී. | කටුනායක | |
අගෝස්තු 20-21-22 | සී.සී.සී. | එන්. සී. සී. | පී.සරා |
කෝල්ට්ස් | හලාවත මේරියන්ස් | එස්.එස්.සී. | |
යුද හමුදාව | රාගම | සී.සී.සී. | |
බී.ආර්.සී. | සැරසන්ස් | කටුනායක | |
අගෝස්තු 25-26-27 | හලාවත මේරියන්ස් | සී.සී.සී. | එස්. එස්. සී. |
එන්. සී. සී. | කෝල්ට්ස් | සී.සී.සී. | |
සැරසන්ස් | යුද හමුදාව | කටුනායක | |
රාගම | බී.ආර්.සී. | පී.සරා |
ප්ලේට් තරග වටයේ කාල සටහන
දින | සත්කාරක පිල | ප්‍රතිවාදීන් | ක්‍රීඩාංගණය |
අගෝස්තු 10-11-12 | මීගමුව | ලන්කන් | මොරටුව |
එස්.එස්.සී. | ටැමිල් යුනියන් | එන්.සී.සී | |
මුවර්ස් | බදුරලිය | කෝල්ට්ස් | |
අගෝස්තු16-17-18 | බදුරලිය | මීගමුව | එන්.සී.සී. |
ලන්කන් | එස්.එස්.සී. | කෝල්ට්ස් | |
ටැමිල් යුනින් | මුවර්ස් | මොරටුව | |
අගෝස්තු 22-23-24 | මීගමුව | ටැමිල් යුනියන් | කෝල්ට්ස් |
එස්.සී.සී. | බදුරලිය | මොරටුව | |
මුවර්ස් | ලන්කන් | එන්.සී.සී. |