බෙලරූස් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට එරෙහිව විශාල විරෝධයක්

බෙලරූස් ජනාධිපතිවරණයේදී ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝ ජයග්‍රහණය කරන ලදැයි මූලික ප්‍රතිඵල අනුව ප්‍රකාශ වීමත් සමග ඊයේ රාත්‍රියේ එරට විශාල විරෝධතා හටගත්තා.
මින්ස්ක් අගනුවර සහ තවත් නගර කිහිපයක ඇතිවූ උද්ඝෝෂණ අතරතුර කැරලි මර්ධන පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවුණා.


මූලික ප්‍රතිඵල අනුව ලුකාශෙන්කෝ සියයට 80 ක ඡන්ද ලබාගෙන ඇතැයි වාර්තා වුණා. ප්‍රධාන විපක්ෂ අපේක්ෂිකා ස්වෙත්ලානා ටිහනොව්ස්කායා සියයට 10 ක පමණ ඡන්ද ලබාගෙන ඇතැයි වාර්තා වුණා. කෙසේ වෙතත් ඇගේ පාර්ශවය පවසන්නේ මෙම ප්‍රතිඵල ව්‍යාජ බවයි.

Recommended For You

About the Author: Editor