
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන “අංගොඩ ලොක්කා“ නොහොත් ලසන්ත පෙරේරා අයථා ලෙස උපයාගත් මෙරට පවතින සියලු දේපල රාජසන්තක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වූ ජාලිය සේනාරත්න ජ්‍යෙෂ්ට පොළිස් අධිකාරිවරයා, පසුගිය දිනෙක වාර්තා වු අංගොඩ ලොක්කාගේ ආන්දෝලානාත්මක මරණය පිළිබඳව,නීත්‍යානූකූලව තහවුරු කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ රාජ්‍යන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් තිබෙන බව පැවසීය.
එසේම ඊට අදාළ ශ්‍රී ලංකාවෙන් ලබා දිය හැකි සියලුම තොරතුරු මේ වන විට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා ලබාදීමට කටයුතු කර තිබෙන බවත්,අංගොඩ ලොක්කා මිය ගිය බවට නිල වශයෙන් තහවුරු කිරීමක් මේ දක්වා සිදු වී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය