
දිගින් දිගටම පවතින ජනතා විරෝධය මධ්‍යයේ තමා ප්‍රමුඛ රජය ඉල්ලා අස්වන බව ලෙබනන අගමැති හසන් දියාබ් ඊයේ රාත්‍රියේ නිවේදනය කළා.
අගෝස්තු 4 වනදා බීරූට් අගනුවර සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පසු, එරට දේශපාලන නායකත්වය එයට වගකිව යුතු බව පවසමින් ජනතාව වීදි බැස්සා. ඔවුන් අමාත්‍යංශ ගොඩනැගිලි කිහිපයක්ද අල්ලාගත්තා.
ලෙබනන රජයේ ප්‍රවෘත්ති, පරිසර සහ අධිකරණ යන විෂයයන් තුන භාරව සිටි ඇමතිවරුන් තිදෙන රජය ඉල්ලා අස්වීමට පෙරම තම ධුරවලින් ඉල්ලා අස්වුණා.