අගමැති අද වැඩට බසියි.හෙට ඇමැතිවරු දිවුරුම් දෙති


අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
නව කැබිනට් මණ්ඩලය හෙට (12) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මගුල් මඩුවේ දී දිවුරුම් දෙන අතර කැබිනට් අමාත්‍ය ධූර මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධූර සඳහා පත්වන අමාත්‍යවරුන්ට සිය අමාත්‍යංශ මෙහෙය විය යුතු ආකාරය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කරන්නට යෙදිණ.


මෙම කැබිනට් අමාත්‍ය මණ්ඩලයට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව නියෝජ්‍ය ඇමැතිවරු ද පත් කරන බව ඇතැම් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන අතර එසේ වුවහොත් පෙර පරිදිම විශාල මුදල් නාස්තියක් සිදු කරන දේශපාලන ප්‍රභූවරු පිරිසක් ජනතාවට නඩත්තු කරන්නට සිදුවනු ඇතැයි දේශාපාලන විචාරකයෝ පවසති.
lankafastnews.com අද වැඩ ආරම්භ කරන නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දීර්ඝායුෂ සහ යෙහෙන් රාජකාරියේ යෙදෙන්නට ශක්තිය හා ධෛර්‍යය සමඟ සුභාශිංෂන එක් කරන්නෙමු

Recommended For You

About the Author: Editor