මියා කලීෆා ඇගේ සුප්‍රසිද්ධ උපැස් යුවළ වෙන්දේසි කරයි

ලෙබනන සම්භවයක් සහිත හිටපු නිල් චිත්‍රපට නිළි මියා කලීෆා ලෙබනනයේ පසුගියදා සිදුවූ ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සඳහා මුදල් සපයා ගැනීමට තමන් එම චිත්‍රපටවල රඟපාන අවස්ථාවල පැළඳ සිටි සුප්‍රසිද්ධ උපැස් යුවළ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කළා.
එය සඳහා ඩොලර් 100,000 කට ආසන්න ලන්සුවක් ලැබී තිබුණ අතර ඒ වනවිට වෙන්දේසිය අවසන්ව තිබුණේ ද නැහැ.


අගෝස්තු 4 වනදා සිදුවූ පිපිරීමෙන් පසු මියා කලීෆා දිගටම ඒ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් සිටියා. මේ ආකාරයෙන් මුදල් සොයාගැනීමට කටයුතු කිරීම බොහෝ දෙනාගේ ප්‍රශංසාවට හේතු වී තිබෙනවා.

Recommended For You

About the Author: Editor