පාර්ලිමේන්තුවේ ඔසවන්න හැදූ කොඩියේ නූල අරන් ලේකම් හිමි හැංගිලා හෝ හංගලා

අපේ ජනබල පක්ෂයේ මහා ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි අතුරුදහන් වී සිටීම නිසා ඊයේ නම් 19 ක් යොදා නිකුත් කරන ලද ගැසට් නිවේදනට එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඇතුළත් කිරීමට නොහැකි වී ඇත.
නමුත් අපේ ජනබල පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය එහි සභාපතිවරයා විසින් ලේකම් හිමි නොමැති වටපිටාවක මැතිවරණ කොමිසමට දැණුම් නොදුන්නේනම් ඊයේ නිකුත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයෙන් ලෙකම් හිමියන්ගේ නම ඇතුළත් වීමට තිබුණු බව මැතිවරණ කොමිසමෙන් ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙයි.ඒ විමලතිස්ස හිමියන් සැඟවෙන්නට හෝ සඟවන්නට පෙර උන් වහන්සේ පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේ තමන් බවට මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර තිබූ ලිපිය හේතුවෙන්ය.


එම පක්ෂයේ අපේක්ෂකයෙක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ පාහියංගල ආනන්ද සාගර හිමියන් පෙන්වා දෙන්නේ විමලතිස්ස හිමියන් ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් පිරිසක්,අන්තවාදීන් පිරිසක්,ආණ්ඩුවේ පිරිසක් හෝ විපක්ෂයේ පිරිසක් සඟවා තබා ගෙන ඇති බවට සාධාරණ සැකයක් ඇති වන බවය.තව දුරටත් අදහස් දක්වන පාහියංගල හිමියන් මේ තත්ත්වය යටතේ තම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීමට විමලතිස්ස හිමියන් සොයා උන් වහන්සේගේම අත්සන යොදා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කිරීම පහසුම කාරණය බවත්,එසේ නොවන්නට වඩා සංකීරණ වැඩ පිළිවෙලක් හරහා අවශ්‍යය කටයුතු කර මන්ත්‍රී ධූරය සඳහා ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නම ඉදිරිපත් කරන්නට සිදුවෙනු ඇති බවත් පෙන්වා දුන්නේය.

Recommended For You

About the Author: Editor